
(එම් .සුසිල් ප්‍රියන්ත)
බෝර දොළහ වර්ගයේ ගිනි අවිවලට දමන උණ්ඩ 84 ක් සමග හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙක් අද (3) රාත්‍රියේදී අහුන්ගල්ල කටුවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
සැකකාර හිටපු පොලිස් නිලධාරියා ළග තිබී උණ්ඩ 74 ක්ද, අනෙක් සැකකරු ලග තිබී උණ්ඩ 10 ක්ද සොයා ගත් බව පොලීසිය කියයි.
මේ සැකකරුවන් දෙදෙනාම අහුන්ගල්ල කටුවිල පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
මේ සැකකරුවන් දෙදෙනා මෙලෙස උණ්ඩ ගබගා කොට ගෙන සිටියේ වැඩි මිලට අපරාධකරුවන්ට අලෙවි කිරීමට දැයි යන්න සෙවීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා හෙට (4) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
අහුන්ගල්ල පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd