
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූයතුරු පැදියක් මතට ගසක අත්තක් කඩා වැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව,සේවාගම,අංක 175 ලිපිනයේ පදිංචිව සිටි 59 හැවිරිදි දෙදරු පියෙකු වන ඩී.ජී.ගුණතිලක යන අයයි.
විශ්‍රාමික පුස්තකාලයාධිපතිවරයෙකුවූ හෙතෙම වැවේතැන්න ප්‍රදේශයේ සිට සේවාගම පිහිටි සිය නිවෙස බලා එමින් සිටියදී වැවේතැන්න තක්‍ෂිලා විද්‍යාලයට ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd