IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගසක් කඩාවැටී සිදු වු අනතුරින් යතුරුපැදිකරු මරුට

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූයතුරු පැදියක් මතට ගසක අත්තක් කඩා වැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව,සේවාගම,අංක 175 ලිපිනයේ පදිංචිව සිටි 59 හැවිරිදි දෙදරු පියෙකු වන ඩී.ජී.ගුණතිලක යන අයයි.

විශ්‍රාමික පුස්තකාලයාධිපතිවරයෙකුවූ හෙතෙම වැවේතැන්න ප්‍රදේශයේ සිට සේවාගම පිහිටි සිය නිවෙස බලා එමින් සිටියදී වැවේතැන්න තක්‍ෂිලා විද්‍යාලයට ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

ගසක් කඩාවැටී සිදු වු අනතුරින් යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site