(රොමේෂ් මධුෂංඛ)
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේදී මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයාගේ මළසිරුර දින තුනකට පසුව හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
පසුගිය 01 වනදා රාත්‍රියේ මසුන් ඇල්ලීම සඳහා අදාල ධීවරයා මුහුදු ගොස් නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් පොලීසියට පැමිණිල්ලක් දමා තිබුණි.
කෙසේ වෙතත් පසුදින උදෑසන සිට බුරවී සුලිකුණාටු තත්වයන් හේතුවෙන් මුහුදේ ඇති වූ රලු ස්වභාවය හේතුවෙන් අතුරුදන් වූ ධීවරයා සෙවීමේ කටයුතුද අසීරු වීය.
මේ අනුව ඊයේ (03) සවස යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ මුහුදු තීරයට අතුරුදන් වූ ධීවරයාගේ සිරුර ගොඩගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයකු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබුණි.
බුරවී සුලිකුණාටුවට අදාල ධීවරයාගේ යාත්‍රාව හසුව විනාශ වීම හේතුවෙන් ධීවරයා දියේ ගිලී මෙම මරණය සිදුවන්නට ඇති බවට ධීවරයින් සැක පළ කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොන්නාලෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සෙල්වකුමාර් සෙල්වරාසා නැමත්තෙකි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘බුරවි’ කුණාටුවට හසුවූ ධීවරයාගේ සිරුර හමු වෙයි