(ක.ග.කරුණාරත්න)
හොරණ ප්‍රදේශයේ සිට පුනානී කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කෙරෝනා රෝගීන් 23 දෙනෙකු රැගෙන එමින් තිබූ බස්රථයක් අද (04) උදේ වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී කල්මුනේ සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයෙක ගැටීම නිසා අනතුරකට ලක්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මෙම අනතුරින් කොරෝනා රෝගීන් රැගෙන ආ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා තුවාල ලබා ඇති අතර ඔවුහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත.
කොරෝනා රෝගීන් 23 දෙනා සෞඛ්‍යාරක්‍ෂිතව පුනානී ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.
මෙම අනතුර හේතුවෙන් කොරෝනා රෝගීහු කිසිවෙකුට හෝ අනෙක් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැතැයි පොලීසිය පැවැසීය.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd