(ප්‍රසන්න පත්මසිරි, ප්‍රසාද් රුක්මල්)
 
 
ඌව පළාතේ රාජ්‍ය ආයතන වලට අභ්‍යාසලාභීන් ලෙස බදවාගත් උපාධිධාරී තරුණ තරැණියන්ගේ සේවය ස්ථිර කර දෙන්නැයි ඉල්ලමින් ඌව පළාත් සභාව ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක් අද (3 ) පැවැත්විණි.
 
2019 රැකියාලාභී උපාධිධාරී එකමුතුව හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
 
රාජ්‍ය ආයතන වලට බදවාගත් අභ්‍යාසලාභීන්ගේ වසරක සේවා  කාලය නිමාකර සියළුම අභ්‍යාසලාභීන් ස්ථිර කර දෙන ලෙස හා
ප්‍රසුත නිවාඩු කප්පාදුව නවතා දමන ලෙසත් සදහන් කර බැනර් පුවරු අතැතිව සෞඛ්‍ය නීති  පිලිපදිමින් නිහඩ විරෝධතාවය පැවැත්විය.