
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට නව රෝහල ඉදිරිපිටදී ටිපර් රථයක ගැටීමෙන් අලි පැටවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
අද (03) රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය වූ ස්ථානයට වනජීවී නිලධාරීහු පැමිණ සිටිති.
මේ දිනවල හම්බන්තොට කැලෑ ප්‍රදේශ රැසක් විවිධ පුද්ගලයින් විසින් හෙළි කරමින් පවතින අතර ඒ නිසාම හම්බන්තොට ප්‍රදේශයේ වන අලීන් පීඩාවට පත්ව තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිහිටි ප්‍රදේශ වන අලීන්ගේ ප්‍රධාන නිජ භූමියක් වන අතර වරාය ඉදිවීමත් සමඟ වන අලින්ට උන් හිටි තැන්ද අහිමි වී තිබේ.
බොහෝ විට කළුවර වැටීමත් සමඟ කටුවැව ප්‍රදේශයේ සිට වන අලි රංචු පිටින් කතරගම මාතර ප්‍රධාන මාර්ගය හරහා වරාය පරිශ්‍රයට ළඟා වීම සුළභය. එසේ මාර්ගය මාරු වන අතරතුරදී මෙම අනතුර සිදුවී තිබේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් අලි පැටවෙක් මියයයි