IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බිරිඳ ඝාතනය කර සැමියා දිවි නසාගනී


(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුල දී තියුණු ආයුධයකින් කපා තම බිරිඳ ඝාතනය කර  සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබියදී අද (03)අලුයම සිරුරු සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

තියුණු කැපුම් තුවාල ලබා නිවසේ කාමරයක ඇඳක් මත මිය ගොස් සිටි 38 හැවිරිදි තිදරු මවක් වූ ඉරේෂා ඉවන්ති කුමාරි සහ නිවසේ සාලයේ ගෙල වැලලාගෙන මිය ගොස් තිබු 43 හැවිරිදි ලියන ආරච්චිගේ ශාන්ති සුරංජිත් යන දෙදෙනා ගේ මළ සිරුරු පොලිසිය සොයා ගෙන තිබේ.

මිය ගොස් සිටින දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවත්, ඔවුන් අතර වූ ආරවුලකදී දියණියන් දෙදෙනා සමග එම බිරිඳ ඇගේ මවගේ නිවසට ගොස් සිටි බවත්, සැමියා ඇයව එහි සිට සිය නිවසට රැගෙනවිත් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (03) පැවත්වීමට නියමිතය.



අදහස් (0)

බිරිඳ ඝාතනය කර සැමියා දිවි නසාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site