IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ලේ පළමු නියෝජ්‍ය නගරාධිපතිනිය මියයයි

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
 
නැසී ගිය ගාල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපති එන්.ඩී.විජේනායක මහතාගේ බිරිඳ වූ ඇය මියයනවිට 87වන වියේ පසුවිය. විජේනායක මහත්මිය දරුවන් 06 දෙනකුගේ මවකි.
 
මීටියාගොඩ උපත ලබා ඇති  විජේනායක මහත්මිය ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. 1979 දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල කොට්ඨාසයෙන් නගර සභාවට තේරීපත්වූ ඇය 1983/84 වසරවල නියෝජ්‍ය නගරාධිපති ධූරය දැරුවාය.
 
මියයන තුරුම ප්‍රකට සමාජ සේවිකාවක ලෙස කටයුතු කළ විජේනායක මහත්මිය ගාල්ල කොටුවේ පෞරාණිකත්වය ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා නිවාසගත සංචාරක නිකේතන ක්‍රමය හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූ අයෙකි.
 
ගාල්ල කොටුවේ ලයිට් හවුස් විදිය අංක 65 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර හෙට (02) උදෑසන ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පෙ.ව. 10.30ට දඩල්ල ආදාහනාගාරයේ දී අවසන්කටයුතු සිදු කිරීමට නියමිතය.
 



අදහස් (0)

ගාල්ලේ පළමු නියෝජ්‍ය නගරාධිපතිනිය මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31455 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13742 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11053 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site