IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැටි ප්‍රවාහනයට අවසර

(තරංග ගුණරත්න)

මැටි කර්මාන්ත කරුවන්ගේ ප්‍රධාන ගැටලුව වන මැටි ප්‍රවාහනය සඳහා  මැටි කියුබ් තුනක් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී ඇතැයි වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් කියා සිටියේ අද (29 ) දින  වැලිගම කඹුරුගමුව මැදගොඩ පෙදෙස්  මැටි ආශ්‍රිත  කර්මාන්ත ගම්මානයක් ඇති කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි .

එහිදී තවදුරටත් මෙසේ ද පැවසීය.

 

වැලිගම කඹුරුගමුව මැදගොඩ බෝධිරාජ ගම්මානයෙ මැටි කර්මාන්ත නිර්මාණ නිර්මාණ කරුවන්ගේ  අඩුපාඩු සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ  වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති  පුෂ්පකුමාර  බැටිටගේ මහතාගේ ඉල්ලිමක් මත තමයි    මෙම කටයුතු ආරම්භ වුණේ  හස්ත කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ   කර්මාන්තකරුවන්ට  අවශ්‍ය පහසුකම්  කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා වගේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ    සහයෝගය මත අලුත් තාක්ෂණය ලබාදීලා  මැටි කර්මාන්ත කරුවන්ගේ සාම්ප්‍රදායක ක්‍රියාවලිය වෙනුවට නව තාක්ෂණය සමඟ නව කර්මාන්තයක් ලෙස  වැඩිදියුණු කිරීමට හා අවශ්‍ය  දැනුම සහ උපකරණ ලබාදීමට ක්‍රියා කරනවා .

 මොවුන්ගේ ප්‍රධාන ගැටළුව වශයෙන් හඳුනාගෙන තිබෙන  මැටි ප්‍රවාහනය දී බලපාන ගැටළුව සඳහා ජාතික ශිල්ප සභාවේ ලබාදී ඇති  හැඳුනුම්පත උපයෝගී කරගෙන මැටි කියුබි තුනක් ප්‍රවාහනය කිරීමට  අවසර ලබා දී තිබෙනවා තවත් අවශ්‍ය නම්  අමාත්‍යංශය මගින් බලපත්‍රයක් ලබාගෙන මැටි කියුබි  තිහක් දක්වා ප්‍රවාහනය කිරීමට අවසර ලබාදි තියෙනවා  බව අමාත්‍යවරයා සඳහන් කළේය  මෙම අවස්ථාව සදහා  කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා  වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැටිටගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් හා අමාත්‍යාංශයේ නිලධාරීන් එක්වූහ .



අදහස් (0)

මැටි ප්‍රවාහනයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site