
(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මුහුදු රැල්ලකට හසුව අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු අද (30) උදෑසන වන විට හමු වූ බවට පලාලි පොලිසිය පවසයි.
මුහුදු රැල්ලට හසුව අතුරුදන්ව සිටි තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් ඊයේ (29) සවස වන විට හමු වී ඇති අතර නාවික හමුදාව හා පොලිසිය සමග ප්රුදේශවාසීන් එක්ව සිදුකරන ලද සෝදිසිවලදී අනෙක් අතුරුදහන්වූ තරුණයාගේ මළ සිරුර අද (30) උදෑසන හමු වූ බව පොලිසිය පැවසීය.
අදාල මුහුදු තීරයේ පලාලි ප්රුදේශයේ පදිංචි තරුණයින් 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (29) දියනෑමට ගොස් ඇති අතර පසුව දිය නාමින් සිටි පිරිස මුහුදේ සැඩ රලකට හසුව ඇති අතර එහිදී තරුණයින් දෙදෙනෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ බව සෙසු තරුණයින් පොලිසියට පවසා ඇත.
පලාලි තයියිට්ටි ප්රසදේශයේ පදිංචි අවුරුදු 19 ක් වූ සිවචන්ද්රයන් නිරෝජන් සහ මාසිලාමණි තවසෙල්වම් යන අය මෙලෙස මුහුදු රලට හසුව දියේ ගිලීමෙන් මිය ගොස් ඇත.
මිය ගිය අයගේ මළසිරුරු පස්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙතට බාරදීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන පලාලි පොලිසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුහුදේ දියනෑ තරුණයින් දෙදෙනෙක් මරුට