IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හලාවත නගර සභා අය වැය දෙවැනිවර පරාදයි

(හලාවත  ඔගස්ටින් ප්‍රනාන්දු)

2021 වසර සදහා හලාවත නගර සභාව විසින්  අද ( 27)  ඉදිරිපත්කරණ ලද අයවැය යෝජනා දෙවෙනි වරටත් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතාගේ ( එජාප) ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර ඔහු විසින් එම අයවැය යෝජනා සභාව හමුවට ඉදිරිපත් කරන ලදී.

පසුව ඒ සදහා ඡන්ද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව පාලක එජාප මන්ත්‍රිවරුන් 7 දෙනාගෙන් 6 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එම පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්.රීගන් ප්‍රනාන්දු මහතා සභාවට මෙදින ද පැමිණ සිටියේ නැත.

විපක්ෂය නියෝජනය කරන  ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් 6 දෙනා සහ ශ්‍රීලපොප නියෝජනය කරන මන්ත්‍රිවරුන් 6 දෙනාත් අයවැයට විරුද්ධව ඡන්දය පල කළ අතර ජවිපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන කිංස්ලි ආනන්ද වික්‍රමසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
 
මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ඩබ්ලිව්. ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා (ශ්‍රීලපොප) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්ෂිතව සභාව වෙත කැඳවා ගෙන පැමිණ තිබිම විශේෂ සිද්ධියක් විය.

මෙම අය වැය යෝජනා මුල්වරට පසුගිය 13 දා පැවැති රැස්වීමේ දි ද වැඩි ඡන්ද 13ක් ලබා පරාජයට පත් විය. එදින ජවිප මන්ත්‍රිවරයා විරුද්ධව ඡන්දය පල කර සිටියේය.



අදහස් (0)

හලාවත නගර සභා අය වැය දෙවැනිවර පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site