IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නවතිස්පනේ වන්නියාකන්ද මාර්ගයේ කොටසක් නාය යයි


(සිසිර ලලිත් කුමාර)
 
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  හරංගල දකුණ ග්‍රාම නිලධාරි වසමට  අයත් නව තිස්පනේ සිට ගලඋඩපතන  හරහා හල්ගොල්ල දක්වා  දිවෙන මාර්ගයේ, වන්නියාකන්ද මාර්ගයේ ස්ථාන කිහිපයක්  නාය යෑමකට ලක්ව තිබේ.
 
මෙම මාර්ගයේ කිලෝමීටරයක් පමණ කොටසක් දැඩිලෙස අබලන්ව ඇත. වසර 25කට ආසන්න කාලයක සිට නිසි ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් අද වනවිට එහි ගමනාගමනය දැඩි අවදානමකට ලක් වී තිබේ. මීට වසර පහකට පමණ පෙර මෙම මාර්ගයේ ත්‍රිරෝද රථයක්  අඩි  300ක් පමණ  ප්‍රපාතයට පෙරලී සිදුවූ  අනතුරෙන් එක් අයෙකු මියගිය අතර තවත් අයෙකු තුවාල ලැබීය.
 
හරංගල සිට නවතිස්පනේ දක්වා දිවෙන මාර්ගයටත් හපුගස්තලාව හල්ගොල්ල හරහා ගල උඩපතන දක්වා දිවෙන මාර්ගයට මැදිව මෙම මාර්ගය පිහිටා තිබේ.එම මාර්ග දෙකම සංවර්ධනය කර ඇතත් මෙම කිලෝමීටරයක පමණ දුර සංවර්ධනය කිරීමට මෙතෙක් කටයුතු නොකිරීම දැඩි විමතියට කරුණක් බව ප්‍රදේශවාසීහූ කියති. මාර්ගය සංවර්ධනය කිරීමට පසුගිය කාලයේ මැණුම් කටයුතු පවා සිදුකළත්  මෙතෙක් එය සිදුව නැත.
 
දැඩි බෑවුම් සහිත මාර්ගයක් වන මෙම මාර්ගයේ  ස්ථාන කිහිපයක් නාය යෑමට ලක් වීම හේතුවෙන් රජය මගින් ආරක්ෂිත බැමි ඉදිකිරීමට කටයුතු කළ අතර නිසි ප්‍රමිතියට ඉදි නොකිරීම වෙනුවෙන් එක්  පැති  බැම්මක් ඉදිකර සතියක් වැනි කෙටි කාලයකදී විනාශ වී ගියේය. මේ වනවිට මෙම මාර්ගයේ එක් තැනක් නාය යෑමකට හසු වී ඇති අතර එම කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය නොකළ හොත් මාර්ගයේ වැඩි කොටසක් නාය යෑමට හසුව  මාර්ගය විනාශ යාම නොවැළැක්විය හැකි බව ප්‍රදේශවාසීහූ  වැඩිදුරටත් පවසති.
 
මෙම මාර්ගය භාවිත කරමින් හල්ගොල්ල ,ගල උඩපතන ,වැරැල්ලපතන ආදී ප්‍රදේශවල ජනතාව කොත්මලේ ,පූඬළුඔය ,නුවරඑළිය,නාවලපිටිය, මහනුවර වැනි ප්‍රදේශටද නවතිස්පනේ ශ්‍රී බුද්ධරාජ මහ විදුහල ,හරංගල ප්‍රාථමික හා ද්විතීයික විද්‍යාල සඳහාත් රොජර්සන්ගම ,හැදුණුවැව,කොත්මලේ   වැනි පාසල් සඳහා ප්‍රදේශයේ  දරුවන් ද ගමන් කරති. මාර්ග සංවර්ධනය  වෙනුවෙන් ගල් , වැලි ආදිය ප්‍රවාහනය  සඳහා විශාල ලොරි රථ ගමන් කිරීමත් මෙම මාර්ගය ගිලා බැසීමට ප්‍රධානතම හේතුවක් බව හල්ගොල්ල ආදී ගම්මානවල ජනතාව පවසති.

 



අදහස් (0)

නවතිස්පනේ වන්නියාකන්ද මාර්ගයේ කොටසක් නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site