
(සිතුම් චතුරංග)
යාපනය, කන්කසන්තුරය ඌරනි මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනකු අද (29) අතුරුදහන්ව ඇති බව පලාලි පොලිසිය කියයි.
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා 19 හැවිරිදි වියේ අය බව අනාවරණය වී තිබේ.
මිතුරන් 6දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ රළපහරකට හසුව තරුණයින් දෙදෙනා අතුරුදහන්වී ඇති බව පොලිසිය පැවසීය.
මෙම තරුණයන් පිරිස ධීවරයින්ගේ අවවාද නොතකා මුහුදු දිය නෑමට ගොස් ඇති බවද සිදුකළ පරීක්ෂණවලදී අනාවරණයවූ බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ අතුරුදහන් වු තරුණයින් සොයා නාවික හමුදා කිමිදුම් භටයින් එක්ව පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවය. අනතුර සම්බන්ධයෙන් පලාලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd