IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අරලගංවිල පොලිසිය යළි අරී

(ක.ග. කරුණාරත්න)

අරලගංවිල පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ සිදුකල  පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා අනුව ඒ කිසිවෙකුටත් කොරෝනා වයිරසය අසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා අද(23) ප්‍රකාශ කළේය.

ඒ අනුව පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක් තාවකාලිකව වසා දමා තිබූ අරලගංවිල පොලීසිය නැවත විවෘත කිරීම සඳහා ඒ අනුව  සෞඛ්‍ය නිර්දේශ ලබාදුන් බවද ඒ මහතා කීය.

අරලගංවිල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ඉකුත් සෙනසුරාදා (21) පස්වරුවේ සිට එම පොලිසිය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණි.

මේ අතර අරලගංවිල පොලිසියේ සේවය කල උප පොලිස් පරීක්‍ෂකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුව එම  පොලිස් නිලධාරියාගේ ආශ්‍රිතයන් ඇතුළු පුද්ගලයන් 72 කගේ පී.සී.ආර්. වාර්තාද මේ වනවිට ලැබී තිබෙන බවත්, ඒ කිසිවෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ඊට අමතරව අරලගංවිල ප්‍රදේශයේ පුද්ගලයන් 60 දෙනෙකුගේ සිදුකල පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබෙන බව වෛද්‍ය කුමාරවංශ මහතා සඳහන් කළේය.



අදහස් (0)

අරලගංවිල පොලිසිය යළි අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site