IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුව ආවරණ නොමැති 25ක් බණ්ඩාරවෙලදී අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර )
 
සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මුව ආවරණ නො පැලඳ බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ පොළේ සිටි 25 දෙනකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්තාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී  එම්  ආර් දිසානායක  මහතා අද (23) පැවසුවේය.
 
 ව්‍යාපාරිකයින් ,පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන  වෙළෙන්දන් ගොවීන් ඇතුළු පිරිස් දිවයිනේ නන් දෙසින් බණ්ඩාරවෙල  එළවළු තොග වෙළඳපොළට පැමිණෙන බැවින් නිසි මාර්ගඋපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය    බවත් එළවළු තොග වෙළඳපොළ  පවත්වාගෙන යාමට මහජන සහයෝගය අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.
 
 සිවිල් කණ්ඩායමක් වශයෙන් ගොස් තොග වෙළෙඳපොළ පරික්ෂා කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට පත්වී තිබෙ.
 
බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක,   බදුල්ල පලාත් ඩෙංගු මර්දන ඒකකයේ කාර්යභාර මහජන සෞඛ්‍යය පරීක්ෂක එන් බී තිලකසිරි, බණ්ඩාරවෙල  මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් මධුර යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.



අදහස් (0)

මුව ආවරණ නොමැති 25ක් බණ්ඩාරවෙලදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site