IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)
                          
පිලියන්දල සුවාරපොල  විහාරස්ථානයක් ඉදිරිපිටදී  සිය නිරුවත පෙන්වා දැරියක් අපහරණය කිරිම සම්බන්ධයෙන් අද (21) අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස  අතිරේක මහේස්ත්‍රාත් නුවන්තිකා  මාරසිංහ  මහත්මිය නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදාහැරියේ පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු වූ ඉරේෂ් ප්‍රසන්න මංජුල නම් 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි .

සැකකරුගේ එම අශෝභන ක්‍රියාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ විද්‍යුත් නාලිකා වල ප්‍රදර්ශනය කෙරුණු අතර ඔහු පැමිණි යතුරු පැදියේ ලියාපදිංචිය අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී කොට්ටාව ප්‍රදේශයේ ඔහු රැකියාව කරන ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා අධිකරණයට පැවසීය.



අදහස් (1)

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

Kamal Koyrala Saturday, 21 November 2020 02:05 PM

දේශපාලකයිනේගේ නිරුවත සහ මෙයා අතර වෙනසක් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site