IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැඩි මිලට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු


(ලලිත් නවරත්න)
 
සහල් සඳහා පනවා ඇති පාලන මිලට වඩා වැඩිමිලට සිල්ලර වෙළඳසැල් වලට සහල් සැපයූ  දිවයිනේ ප‍්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනයකට නඩුපැවරූ බව පුත්තලම පාරිභෝගික අධිකාරිය පවසයි.
 
පුත්තලම දිස්ත‍්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් මෙම මාසය තුළ පාලන මිල ඉක්මවා සහල් අලවිකළ වෙළඳසැල් 65ක් වටලා එම වෙළඳසැල් හිමියන්වද අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුණි. එම වෙළඳසැල් හිමියන්ගේ චෝදනාව වූයේ මෝල් හිමියන්ගෙන් තමන්ට ලැබෙන තොග මිලගණන්වලට  අනුව රජයෙන් නියම කරඇති පාලන මිට අලවිකළ නොහැකි බවයි. ඒ අනුව තමන්ට නඩු දැමීම අසාධාරණබවත් එම නඩුව සහල් මෝල් හිමියන්ට දැමිය යුතුබවයි.
 
මේ පිළිබඳව වහාම ක‍්‍රියාත්මක වූ තොග වශයෙන් සහල් නිකුත් කරන ආයතනයක් වැටලීමේදී කීරී සම්බා සහල් අසරුම්වල රුපියල් 120ක් ලෙස මිල සඳහන්ව තිබියදී ඊට මතුපිටින් රුපියල් 140ක් ලෙස මුද්‍රණය කළ ස්ටිකර් අලවා සහල් සපයා තිබූබව පාරිභෝගික අධිකාරිය පවසයි.
 
නමුත් 2020. 05. 28 දින නිකුත්කළ ගැසට් නිවේදනයට අනුව සහල් අලවිකළ යුතු  උපරිම සිල්ලර මිළගනන් කිලෝග‍්‍රම් 1ක් සඳහා මෙසේයි. කීරිසම්බා  රුපියල් 120, සුදු- රතු සම්බා රුපියල් 98,  වාෂ්පයෙන් තබ්බන ලද සුදුරතු නාඩු රුපියල් 96, සුදු-රතු කැකුලූ රුපියල් 93 ලෙසිනි.
 
එනමුත් මේවනවිට වෙළඳපොලේ සහල්වමිළ ගනන් මෙම පාලන මිල අභිබවා යන බව පාරිභෝගික අධිකාරිය පවසයි. මේ අනුව මෙම නීතිවිරෝධී කටයුත්ත සිදුකරනු ලබන සියලූම මෝල් හිමියන් සහ වෙළඳසැල් හිමියන් නීතියේ රැහැනට හසුකර ගන්නා බව පුත්තලම දිස්ත‍්‍රික් පාරිභෝගික අධිකාරිය පවසයි.



අදහස් (0)

වැඩි මිලට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site