IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සන්ධානයෙන් නෙරපීම නීතියට පටහැණියි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන සුජිත් මුතුකුමාරණ මහතා 2019 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් නෙරපීම නීතීයට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව ඔහුව  එම පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් නෙරපා ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් නිකුත් කළ ලිපියත් , ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ ලිපියත් බලරහිත බවට ද අභියාචනාධිකරණය වැඩිදුරටත් තීන්දු කර ඇත.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ සුජිත් මුතුකුමාරණ මහතා සිය  පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගෙන එහි තීත්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

මෙම පෙත්සම කේ.කේ.වික්‍රමසිංහ , මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණුනි.

අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් විනිසුරු කේ.කේ.වික්‍රමසිංහ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.

“ පළාත් සභා පනතේ 63 (1) වගන්තිය අනුව තමා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව පෙත්සම්කරු මෙම අයදුම්පත ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් කළ කරුණු අනුව පෙත්සම්කරු පිළිබද පහත කරුණු අනාවරණය වේ.ඉන් පළමු වැන්න වන්නේ පෙත්සම්කරු 2015 අගෝස්තු මාසයේ පැවති මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත්විය.ඉන්පසු ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස දිගටම දකුණු පළාත් සභාවේ කටයුතු කළේය.
දෙවැන්න 2019 වසරේ ජනවාරි 15 නිකුත් කරන ලද ලිපියක් මඟින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලදැයි සදහන් කරමින් ඔහුව එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් ඉවත් කරන ලදී.පසුව පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හේතුවෙන් පෙත්සමකරු මන්ත්‍රීධූරය අහෝසි වන බව පළාත් සභා ලේකම්වරයා විසින් ලිපියක් මාර්ගයෙන් දැනුම් දෙන ලදී.

තෙවැනි කරුණ වන්නේ පෙත්සම්කරු පක්ෂයෙන් ඉවත් කිරීමට පෙර කිසිදු විනය පරීක්ෂණයක් හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති වීමයි.පෙත්සම්කරු එම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තුළින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ක්‍රියා කර ඇත්තේ ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනිව හා අහේතුකව බවද සදහන් වේ.

මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා දී ඇති අබ්දුල් මජීඞ්ට එරෙහිව ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසය හා තවත් අය යන නඩු තීන්දුවෙන් එවකට අග විනිසුරු ශිරාණ් බණ්ඩාරනායක මහත්මිය සඳහන් කර සිටින්නේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට පෙර , සාධාරණ නඩු විභාගයක් පවත්වා ඊට පිළිතුරු ලබා දීමට කාලයක් ලබා දිය යුතු බවයි.ඉදිරිපත් කරන සහ පූර්වාදර්ශ නඩු තීන්දු අනුව වගඋත්තරකරුවන් විසින් ස්වභාව යුක්ත මූලධර්මයේ රීතීන් උල්ලංඝනය කර ඇති බව පැහැදිලි වේ.

ඒ අනුව පෙත්සම්කරු පක්ෂයෙන් නෙරපීමට පෙර ස්වභාව යුක්ත මූලධර්මය අනුගමනය කළ යුතු බව අධිකරණයේ මතයයි.

ඒ අනුව පෙත්සම්කරු පක්ෂයෙන් නෙරපා ඇති බව සදහන් ලිපි නීත්‍යානුකූල නොවන ඒවා බවත් , එය අවලංගු කරන බවත් අධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරුන් වන ශ්‍යාම්ලාල් කොල්ලුරේ , ඒ.වී.ජයවීර , පී.එම්.අමරසිංහ , රවින්ද්‍ර එස්. ද සිල්වා යන යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මහේෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.



අදහස් (1)

සන්ධානයෙන් නෙරපීම නීතියට පටහැණියි

Perera Tuesday, 24 November 2020 03:55 AM

ශ්‍රේෂ්ඨාධිකරණය ඔය තීන්දුව නිෂ්ප්‍රභ කරයිද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site