IMG-LOGO

සබරගමුව විශ්වවිද්‍යාලයට මිලියන 798 ක සය මහල් කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයක්

(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 798 ක් වියදමින් අංග සම්පුර්ණ සය මහල් කෘෂි විද්‍යා පීඨ සංකීර්ණය ඉදිකිරීමට මුල් ගල් තැබීම 21 වැනිදා යෙදෙන සුබ මොහොතින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහභාගී වීමට නියමිත අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති   මහාචාර්ය සම්පත් අමුණුගම මහතා ඇතුළු නිලධාරීන් සහ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක, කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ යන මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය අනෙකුත් පීඨයන්හි පීඨාධිපතිවරු, පරිපාලන කාර්‍යමණ්ඩලය සහභාගී වෙති.

දෙවසරකදී ඉදිකරනු ලබන මහල් සයකින් යුතු පීඨ සංකීර්ණය වර්ග අඩි ලක්ෂයකින් සමන්විතය. විද්‍යාගාර 8 කින් සමන්විත වන අතර අධි තාක්ෂණික කෘෂි ඒකකයක් (High technology agro unit), ඉහළ මහලේ හරිතාගාරයක් සහ අවන්හලක් (rooftop restaurant) ද වේ.

දැනට විශ්වවිද්‍යාල කෘෂි විද්‍යා පීඨයේ සිසුන් 700 ක් අධ්‍යාපනය ලබනු අතර ඉදිරියේදී පශු වෛද්‍ය පීඨයක් ද එක් වීමට නියමිතය. ඒ අනුව පශු වෛද්‍ය පීඨයට නව සිසුන් 250 ක්ද ඇතුළුව සිසුන් 2300 කට සහ අධ්‍යයන හා කාර්ය මණ්ඩලයද ඇතුළුව දෙදහස් පන්සිය දෙනෙකුට අවශ්‍ය පහසුකම් මෙමගින් සැලසෙනු ඇත. 2020, 21 සහ 22 යන වසර තුන සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන ලෙස මිලියන නමසිය අනූ හතක් ලබාදී ඇති අතර මේ සඳහා මිලියන 798 වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත.



අදහස් (0)

සබරගමුව විශ්වවිද්‍යාලයට මිලියන 798 ක සය මහල් කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site