අනාරක්ෂිතව පැදවු ලොරියක් දුම්රියේ ගැටෙයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් ලොරියක් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී සිදු වු අනතුරකින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි මීපේ පොලිසිය පවසයි. 23 March 2018
දැදුරුඔයේ නාඳුනන මළ සිරුරක් නාඳුනන පිරිමි මළ සිරුරක් දැදුරුඔයේ පා වෙමින් තිබියදී සොයා ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි. 23 March 2018
හොරෙන් වැලි පැටවු දෙන්නෙක් සැකපිට දංකොටුව මොරුක්කුලිය හා මැටිකොටුව ප්‍ර දේශයන්හි බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් දංකොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 23 March 2018
සිරිපා අඩවියෙන් නොදිරන කසළ පොලිසැක් මලු 110ක් ශ්‍රී පාද මලුවේ සිට නල්ලතන්නිය දක්වා දින දෙකක් තුළ කළ ශ්‍රමදානයකදී නොදිරන කසළ පොලිසැක් මලු 110කට අධික ප්‍රමාණයක් එකතු කිරිමට හැකිවී යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 22 March 2018
හිටපු විදුහල්පති අනතුරින් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම තෙන්නකොන්පුරදී ත්‍රිරෝද රථයක් හා බසයක් ගැටී අද (22) සිදු වු අනතුරකින් හතලිස් හත් හැවිරිදි විශ්‍රාමික නියොජ්‍ය විදුහල්පතිවරයෙක් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 22 March 2018
කොටහේනෙන් හොර මත්පැන් ගබඩාවක් අල්ලයි කොටහේන බ්ලූමැන්ඩල් පාර දෙමහල් නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් විදේශිය මත් පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය නාෂක කාර්යංශය කියයි. 22 March 2018
පාසල් සිසුන් මත් කළ ඖෂධහල් හිමියා අත්අඩංගුවට මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ වර්ගයක් වෛද්‍ය නිර්දේශයකින් තොරව පාසල් ළමුන්ට හා තරුණ පිරිස අතරේ වැඩි මිලට අලෙවි කළ බණ්ඩාරවෙල නගරයේ ඖෂධහලක හිමිකරුවකු ඖෂධ පෙති 288 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 22 March 2018
වෛද්‍යවරයා ඉවත් කරන්න යි ගැමියෝ පාරට බසිති සීගිරිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා ඉවත් කරන්නැයි පවසමින් ප්‍රදේශවාසීහු රෝහල ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් අද ( 22) විරෝධතාවයක නිරත වුහ. 22 March 2018
තක්කාලි ප්‍රවාහනය කළ ත්‍රි රෝද රථයක් පෙරළෙයි තක්කාලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ තට්ටු ත්‍රීරෝද රථයක් අද (22) කිතුල්හිටියාව බුලාගල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 22 March 2018
පුත්තලම රෝහලේ හෙදියෝ උපවාසයක හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදී අද (22 ) උපවාසයක් ලෙස ඇරැඹුහ. 22 March 2018
දෙදරු මවකට අතවර කළැයි තරුණයෙක් සැකපිට වානාතවිල්ලුව ප්‍රදේශයේ දෙදරු (47) මවක් පැහැර ගෙන විත් ලැගුම්හලකදී අතවරයට ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු සොයා පුත්තලම පොලීසිය පරීක්ෂණ අරඹා ඇත. 22 March 2018
ලයිටරය පුපුරා දෙදෙනෙක් රෝහලේ මීගහකිවුල කලුගහකදුර , පොල්වත්ත ගම්මානයේ පුද්ගලයින් දෙදෙනකු ලයිටරයක් පුපුරායාමෙන් බරපතල තුවාල ලබා අද (22) මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලීසිය කියයි 22 March 2018
නියඟය හේතුවෙන් අනුරාධපුර වැව් රැසක් සිදි යයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් කුඩා වැව් තුන්දහසක් සහ මහවැව් දහයක පමණ ජලය සිඳි යාම හේතුවෙන් මෙවර යල කන්නයේ වි වගාව ඉතා අවධානම් මට්ටමක පවතින බව වාරිමාර්ග බලධාරිහු පවසති. 21 March 2018
සතුන්ට ඇද්ද උගුලට එක්දරු පියා බිලි අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ ගලපිටගල ගම්මානයේ දී වන සතුන්ට දැමූ විදුලි කම්බියක ගෑවුණු එක්දරු පියකු එම ස්ථානයේම මියගොස් තිබේ. 21 March 2018
කොල්ල කල්ලියක දෙන්නෙක් වව්නියාවෙන් අත්අඩංගුවට වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදි වල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන සොරාගත් කොල්ල කල්ලියක ප්‍රධාන සාමාජිකයින් දෙදෙනකු සොරකම් කළ භාණ්ඩ සමඟ අද (21) අත් අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කිය 21 March 2018
අක්මා බද්ධයට චාමික ඉන්දියාවට යයි දරුණු ලෙස අක්මා අකර්මණය විමටක ලක්ව සිටි නවගත්තේගම මහ අන්දරවැව සිව් හැවිරිදි චාමික හසිත හර්ෂණ දරුවාගේ අක්මා බද්ධය සිදු කිරීම සඳහා ඔහුගේ මව් පියන් හා හය හැවිරිදි සොහොයුරියද සමඟ අද ( 21) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත් විණි. 21 March 2018
පාපොච්චාරණය තහවුරු කරගන්න වෝයර් ඩයර් අතුරු සාක්කි විභාගයක් ගල්කිස්ස ප්‍රදේශයේ දී නිදියහනේ දීම සිය බිරිඳ හා දරු දෙදෙනා ගිනි තබා මරා දැමු විත්තිකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවේ දෙන ලද පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ එකක් යැයි තීරණය කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වෝයර් ඩයර් අතුරු සාක්කි විභාගයක් ආරම්භ කළේය. 21 March 2018
බස් සේවක ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස්රථයක සේවකයින් හා ලංගම බස්රථයක සේවකයින් අතර දියතලාව නගරයේදී අද (21) ඇති වූ ආරවුලකදී සිදු කළ පහරදීමකින් බස් රථ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ. 21 March 2018
මන්නාරම් මඩු රක්ෂිතයේ දැව ජාවාරමක් මන්නාරම් මඩු මුල්ලිකුලම් රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහපරිමාණ දැව ජාවාරමක් වටලා බුරුත පැටවු කැබිරථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි මඩු අඩවිවන කාර්යාලය පවසයි. 21 March 2018
ටැමඩෝල් සමඟ ඡන්ද අපේක්ෂකයකු දැලේ අලෙවි කිරීම සඳහා ටැමඩෝල් පෙති ළඟ තබා ගත් බව කියන පසුගිය පළාත් පාලන මැතිවරණයට මුස්ලිම් කොංග්‍රසයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 21 March 2018
මාළු ඇල්ලීමට ගිය සිසුවා දියට බිලි තම පියා සමඟ මාළු ඇල්ලිමට ගිය පාසල් සිසුවෙක් කැනියාන් ජල විදුලිබලාගාරය අසල වළක දියේ ගිලී අතුරුදන්ව ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. 21 March 2018
කොටි සැඟවු අවි සොයා කැනීම් අවසන් යුද සටන් පැවති මුලතිව් වෙල්ලෙමුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් රත්තරන් හා යුද අවි තොගයක් වළදැමූ බවට සැක සහිත ස්ථානයක් සොයා ආරක්ෂක අංශ විසින් කැනීම් අරම්භ කළේය. 21 March 2018
පන්ති තහනමට එරෙහිව රජරට සිසුහු වීදි බසිති සිසුන් දොළොස් දෙනකු හට පනවා ඇති වසර දෙකක හා වසර එක හමාරක පන්ති තහනම වහා ඉවත් කරන ලෙස පරිපාලනයට බලකරමින් හා එයට විරෝධය පලකරමින්, මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් අද (20දා) උද්ඝෝෂණයක් කළහ. 20 March 2018
හිටපු විනිසුරු සහ නීතීඥයකු වෙනුවෙන් නව නිවාස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වූ ගුණේන්ද්‍ර මුනසිංහ සහ දෘශ්‍යාබාධිත නීතීඥ ගාමිණී බාලසූරිය යන මහත්වරු වෙනුවෙන් නිවාස පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 12 මිහිඳු මාවතේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණ. 20 March 2018
ව්‍යාජ සිගරට් සමඟ පුද්ගයෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන වීදියේ වෙළදසලක තිබී විදේශයක නිෂ්පාධිත ව්‍යාජ සිගරට් හත්දහස් විස්සක් සමඟ පුද්ගලයෙකු අද (20) හපුතලේ පොලිස් විශේෂකාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 March 2018
උප විදුහල්පතිනිය ඉවත් කරන්නැයි මව්පියෝ වීදි බසිති නල්ලතන්නිය දෙමළ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනත් පාසලකට මාරුකරන ලෙස බලකරමින් මව්පියන් පිරිසක් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ. 20 March 2018
‘මහවැලි ගඟ දෙපස වැලි ගොඩ දැමීම නතර කිරීමට පියවර ගන්නවා‘ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ මහවැලි ගඟ දෙපස සිදු වෙමින් පවතින වැලි ජාවාරම පිළිබඳව වසර තුනක් තිස්සේ කතා කළද ඒ පිළිබඳ වගකිව යුත්තන් කටයුතු නොකිරීමේ ප්‍රතිවිපක දැන් අත්දැකිමට සිදු වී තිබෙනවා ඒ නිසා දැන්වත් මේ පිළිබද තිරණයක් ගතයුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි (එජප)රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය. 20 March 2018
කන්ටේනරය පෙරැලී දෙදෙනෙක් රෝහලේ නුවරඑළියේ සිට රුවන්වැල්ල දක්වා ධාවනය වු කන්ටේනරයක් රදැල්ල කෙටි මාර්ගයේදි පෙරැලීමෙන් රියදුරා සහ රියසහයකය බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුළු කර තිබේ. 20 March 2018
සුදුපියගමට යොවුන් සේනාංකයේ පුහුණු මධ්‍යස්ථානයක් කල්පිටිය නාච්චිකල්ලිය සුදුපියගම, ඉදිකිරීමට නියමිත ජාතික යොවුන් සේනාංකයේ,පුහුණු මධ්‍යස්ථානය සදහා,මුල් ගල් තැබීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතා අතින් සිදුවිය. 20 March 2018
අන්තර්ජාල මිතුරෝ එක්ව සදලංකාව රෝහලට පරිත්‍යාගයක් අන්තර්ජාලය අවභාවිතා වන සමයක සඳලංකාව වටා සොඳුරු මිතුරෝ නම් සමාජ ජාලා නිල මිතුරු සමුහය එක්ව සඳලංකාව මුලික රෝහලට අඩුපාඩුවක්ව පැවැති බෙහෙත් බහාලුම් 20,000 ක් ලබාදීම අද (19) රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණි. 20 March 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025