(ඩී.කේ.රත්න )
මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ වර්ගයක් වෛද්‍ය නිර්දේශයකින් තොරව පාසල් ළමුන්ට හා තරුණ පිරිස අතරේ වැඩි මිලට අලෙවි කළ බණ්ඩාරවෙල නගරයේ ඖෂධහලක හිමිකරුවකු ඖෂධ පෙති 288 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඖෂධ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් ලබා දේ. සිසුන් හා තරුණ පිරිස නියමිත මාත්‍රාව ඉක්මවා මත් පෙති ලෙස මෙම ඖෂධ භාවිත කරන බව තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd