කාබනික පොහොර නිශ්පාදකයන්ට දීමනාවක් දිවයින පුරා කරගෙන යන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිරි දීමනාවක් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වලට අද (15) උපදෙස් දුන්නේය. 15 March 2018
ගුවන්තොටුපල රැකියා අවස්ථා සම්බන්ධව හම්බන්තොට පාසල් දරුවන්ට දැනුවත් කරයි මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල ආරම්භ කර වසර පහක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ගුවන්තොටුපලක රැකියා අවස්ථා සම්බන්ධව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව අත් දැකීම් ලබා ගැනිම සඳහා වැඩ මුළුවක් මත්තල දි (15) ආරම්භ කෙරිණි. 15 March 2018
මීගමුව කොළඹ බස් වර්ජනය දිගටම මීගමුව - කොළඔ මාර්ග අංක 240 , මීගමුව කොළඔ , මීගමුව ඇවරිවත්ත , කටුනායක කොළඔ සුඛෝපබෝගි සේවා සහ අධිවේගි මාර්ග පෞද්ගලික බස් රථ සේවකයෝ අද (15) වර්ජනයක් ඇරඹුහ. 15 March 2018
වැසි නිසා මන්නාරමේ ජන ජීවිතයට බාධා පසුගිය දිනවල මන්නාරම් දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවි සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ලවී තිබේ. 15 March 2018
නෙරපන්න ගිය දමිළ යුවලට ඕස්ට්‍රේලියාවේ රැදෙන්න අවසර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සූදානම් වූ ශ්‍රී ලාංකික දෙමළ පවුලකට අවසන් මොහොතේ නැවත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවි ඇති බව වාර්තා වේ. 15 March 2018
උල්හිටියාව මුහුදේ කාන්තා මළ සිරුරක් උල්හිටියාව මුහුදේ පාවෙමින් තිබු කාන්තාවගේ මළ සිරුරක් අද (15) උදැසන ධීවරයින් පිරිසකට හමුවී තිබේ. 15 March 2018
ගංජා සමඟ රියදුරු අත්අඩංගුවට ගංජා මිලිග්‍රෑම් දෙදහසක් ළඟ තබාගත් බව කියන රියදුරකු අද (15) අලුයම බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 March 2018
විශ්‍රාමික විදුහල්පතිනියගේ ඝාතනයේ සුලමුල හෙලිවෙයි නුගේගොඩ තලපත්පිටිය සමගි මාවතේ නිවසකදී 80 හැවැරදි විශ්‍රාමික විදුහල්පතිනියකගේ ගෙල මිරිකා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරිඝණක තාක්ෂණ වේදියකු ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අද (14) අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 14 March 2018
අපද්‍රව්‍ය නිසා කාසල්රි ජලාශය අවධානමක කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් මුදාහරින ඝන අපද්‍රව්‍ය හා කැළි කසල හේතුවෙන් ජලාශය විශාල පරිසර හානියකට ලක්වි ඇති බව ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධීවරයෝ කියති. 14 March 2018
පුපුරණ ද්‍රව්‍ය සමඟ ත්‍රීරෝද රියදුරකු සැකපිට බලපත්‍ර රහිතව ගල්බෝර ගැසීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් එහි රියදුරු සමඟ මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේදී අද (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 March 2018
පරිභෝජනයට නුසුදුසු සියඹලා තොගයක් වැලිවේරියේ ගබඩාවකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 4000ක ප්‍රමාණයක් පිටකොටුව තොග වෙළදුන් වෙත යැවීම පිණිස වැලිවේරිය ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අද (14) පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගූවට ගෙන ඇත. 14 March 2018
තරුණයා අපයෝජනය කළ නිවෙස් හිමියා දැලේ පුවත්පතක දැමු දැන්වීමක් මත වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක රැකියාවට ආ විසි එක් හැවිරිදි තරුණයෙකු පළමු දිනයේදීම ලිංගික අපයෝජනයකට ලක් කළ නිවෙස් හිමිකරුවකු අද (14) වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 14 March 2018
වලල්ලාවිට ප්‍රා. සභාපතිට අධි චෝදනා පත්‍රයක් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකින් බෙන්තොට ප්‍රාදේශීය සභාවට පස් ප්‍රවාහනය කිරිමට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ලබාගැනීම එහුට එරෙහිව ඇති චෝදනාව වේ. 14 March 2018
වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000ට රතු නිවේදන වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000 ට පමණ රතු නිවේදන නිකුත් කර ඇති බව වයඹ පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය සුමල් තිසේරා මහතා පවසයි. 14 March 2018
රන් මාලයක් සොරා ගත් හමුදා සෙබළා අත්අඩංගුවට නිවසකට ඇතුලූවී නිවැසියන් බියවද්දා රන් මාලයක් කොල්ලකන ලද බවට සැකපිට යුද හමුදා සෙබළෙක් අද (14) අලූයම අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි. 14 March 2018
මොරගහකන්දේ මැණික් ජාවාරමක් මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවන් පිරිස් ඉවත් කරන ලද ජලාශය ආසන්නයේ පවතින ඉඩම්හි මහා පාරිමාණයෙන් මැණික් ගැරිමේ ජාවාරමක් සිදුවන බව වාර්තාවේ. 13 March 2018
පරන්තන් අනතුරින් සිව්දෙනෙක් රෝහලේ කිලිනෝච්චිය පරන්තන් සිට යාපනය දක්වා ධාවනය වූ වෑන් රියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් එහි ගමන්ගත් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය පවසයි. 13 March 2018
යතුරුපැදිය ටිපරයක ගැටී දෙදෙනෙක් මරුට තඹලගමුව කොවිල්අඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ තරුණයින් දෙදෙනකු මියගොස් ඇත. 13 March 2018
ලක්ෂ 40 ක ස්වර්ණාභරණ සොරා ගත් සිව් දෙනෙක් අත්අඩංගුවට ස්වර්ණාභරණ වෙළඳසලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් රිදී හා රන් භාණ්ඩ තොගයක් සැකකරුවන් සිව් දෙනෙක් සමඟ ඊයේ (12) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා පැවසීය. 13 March 2018
මිනීමැරුම් නඩුවෙන් ශ්‍රීලනිප සංවිධායක නිදහස් රත්ගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයෙකු ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු ද්විත්ව මනුෂ්‍ය ඝාතන නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරිමට අපොහොසත්විම නිසා විත්තිකරුවන් දෙදෙනාම අද නිදොස් කොට නිදහස් කළේය. 12 March 2018
කේරළ ගංජා ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව අටේ කණුව ප්‍රදේශයේ දී අද (12) හදිසි මාර්ග බාධයක් යොදා සිදු කළ වැටලීමක දී කේරළ ගංජා ග්‍රෑම් 350ක් සමඟ යතුරුපැදියක් සහ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි. 12 March 2018
නීතිවිරෝධිව මසුන් මැරීමට ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට හැඹිලි දැල් සදහා වන වලංගු බල පත්‍රයක් නොමැතිව,ධීවර මෙහෙයුම් සදහා යාමට සූදානම්ව සිටි පුද්ගලයින් සිවි දෙනෙකු, සින්න පාඩුව වෙරළේ දී, පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා කදවුර,මගින් අත් අඩංගුවට ගෙන ඇත. 12 March 2018
ගොම ලොරිය පෙරලී තිදෙනකුට තුවාල තලවකැලේ - නාවලපිටිය බෝගහවත්ත, ක්වින්ස්බේරි ප්‍රදේශයේදී ලොරියක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ගොස් ලොරියෙහි ගමන් කළ තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 12 March 2018
කොස්තාපල් පැදවු යතුරුපැදියේ ගැටී අයෙක් මරුට පොලිස් කොස්තාපල්වරයකු පැදවූ යතුරු පැදියක පා පැදියක් ගැටීමෙන් පා පැදිකරු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි. 12 March 2018
දික්කැලේ ගණිකා නිවාසයක් වටලයි පන්නල දික්කැලේ ප්‍රදේශයේ ලැගුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි. 11 March 2018
ගෙවත්තක ජීව අත් බෝම්බයක් කැකිරාව සෙක්කුපිටියේ ගෙවත්තක තිබී ජීව අත්බෝම්බයක් අද (11 ) දහවල් කැකිරාව පොලිසිය සොයාගෙන ඇත. මෙම ජීව අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් බවත් එය ආරක්ෂක අංශ හා ත්රස්තවාදීන් විසින් භාවිතා කළ වර්ගයක එකක් බව පොලිසිය කියයි. 11 March 2018
නිදන් හාරමින් සිටි 6 ක් අත්අඩංගුවට ගිරිඋල්ල - ගල්හේන්කන්ද පුහුලේ විහාරය ආසන්නයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි. 11 March 2018
වැසූ පාසලක් පුහුණු මධ්‍යස්ථානයක් වෙයි සබරගමු පළාතේ මායිමත් ඌව පළාත ආරම්භක සීමාවත් ආසන්නව පිහිටි වැසීගිය පාසලක් වූ හල්පේ විද්‍යාලය ප්‍රතිසංස්කරණය කර ගුරු පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 11 March 2018
යාපනයේ පොකුණක මළ සිරුරක් යාපනය නෙල්ලිඅඩි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් අසළ පිහිටි පොකුණක තිබී පුද්ගල මළ සිරුරක් අද (11) උදෑසන සොයාගත් බව පොලීසිය පවසයි. 11 March 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025