(අමල් වික්‍රමරත්න)
හෙරොයින් ළඟ තබාගත් කාන්තාවන් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට අගුලාන පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමත්වී ඇත.
අගුලාන පොලීසියට ලැබුණු තොරතුරක් අනුව හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 120 ක් ළඟ තබාගෙන සිටි අත්තිඩිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරු මත වැල්ලම්පිටිය වීරගොඩැල්ල පාරේ ලන්සියාවත්තට හැරෙන හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 5ක් මිලිග්‍රෑම් 100 ලග තබාගෙන සිටි 54 හැවිරිදි කාන්තාවක් සහ බොරැල්ල බේස්ලයින් මාවතේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 150 ක් ළගතබා ගත් 42 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවන් තිදෙනාම ගල්කිස්ස, කොළඹ සහ මාලිගාකන්ද යන මහේස්ත්‍රාත් අධිකරණවලට අද 13 ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd