(අමදෝරු අමරජීව)
තඹලගමුව කොවිල්අඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ තරුණයින් දෙදෙනකු මියගොස් ඇත.
චීනවරාය, වෙල්ලමනල් පදිංචි කරුවන් වන මොහොම්මදු නලිම් ඉජාන් ඉලාහීර් (21) හා මොහොමඩ් සිද්ධික් පායිම් අක්‍රම් (22) නැමැති තරුණයන් දෙදෙනකු මෙසේ මියගොස් තිබේ.
තරුණයින් දෙදෙනා යතුරුපැදියෙන් කින්නියා සිට තඹලගමුව දෙසට ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් කළ බසයකට ඉස්සර කිරිමට යෑමේදි ටිපරයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළීබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd