(චන්දන ප්‍රනාන්දු )
උල්හිටියාව මුහුදේ පාවෙමින් තිබු කාන්තාවගේ මළ සිරුරක් අද (15) උදැසන ධීවරයින් පිරිසකට හමුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සෙමනේරිවත්ත උල්හිටියාවේ පදිංචි චාලට් මේරි ඇතල් ප‍්‍රනාන්දු නැමති 74 හැවිරිදි කාන්තාවක් බවට පොලීසිය හඳුනාගෙන ඇත.
අද (15) උදැසන 7 ට පමණ උල්හිටියාව වෙරළේ සිට මීටර් 100 ක් පමණ දුර මුහුදේ කාන්තාවකගේ සිරුරක් පාවෙමින් තිබෙන දැක ඇති එම ස්ථානයේ ධීවර රැකියාවල නිරතවන ධීවරයන් පිරිසක් එය ගොඩට ගෙන වෙන්නප්පුවට පොලිසියට කළ දැනුම් දීමක් මත එහි ගිය පොලිස් නිළධාරින් කාන්තාවගේ සිරුර සොයාගෙන තිබේ.
මියගිය කාන්තාවගේ නිවස මළ සිරුර හමු වු ස්ථානයේ සිට මීටර් 200 ක පමණ දුරින් පිහිටා ඇති අතර අද (15) උදෑසන 5 ත් 6 ත් අතර මව නිවසින් එළියට බැස ගිය බව මියගිය කාන්තාවගේ පුතෙකු පොලීසියට සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd