(ජුඩ් සමන්ත)
පොලිස් කොස්තාපල්වරයකු පැදවූ යතුරු පැදියක පා පැදියක් ගැටීමෙන් පා පැදිකරු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි.
හලාවත - කොළඹ මාර්ගයේ කොස්වාඩිය ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මහවැව - මැදකොස්වාඩිය පදිංචි කපුරු බණ්ඩාර ආරච්චිලාගේ සෝමසිරි නම් 66 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරට සම්බන්ධ යතුරුපැදිය පැදවූ බව කියන පුත්තලම පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd