රංජිත් රාජපක්‍ෂ
කාසල්රි ජලාශයට ප‍්‍රදේශවාසින් මුදාහරින ඝන අපද්‍රව්‍ය හා කැළි කසල හේතුවෙන් ජලාශය විශාල පරිසර හානියකට ලක්වි ඇති බව ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධීවරයෝ කියති.
කැළි කසල බැහැර කිරීම නිසා ජලාශයේ මත්ස්‍ය අස්වැන්නද ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ධීවරයෝ චෝදනා කරති.
එම ජලාශයේ ධීවරයන් හතලිස් පස් දෙනෙකු ධීවර කර්මාන්තයේ නියලෙන අතර ඒ සඳහා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් එම ධීවර සමිතිය වෙත මත්ස්‍ය පැටවුන්, ධීවර උපකරණද ලබා දී තිබේ.
මෙම පරිසර ගැටලූව හේතුවෙන් සංචාරක කර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය දැඩි අවධානමක ලක්වි ඇති අතර කාසල්රි ජලාශය ගොඩවිමේ අවධානමකටද ලක්වි ඇති බව ධිවරයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළොඹ කුණු ටික සුද්ද කර ගන්න බැරි ආණ්ඩුවක් කාසල්රි කුණු සුද්ද කරන්නේ කොහොමද.?