(තිලකරත්න දිසානායක)
මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 4000ක ප්‍රමාණයක් පිටකොටුව තොග වෙළදුන් වෙත යැවීම පිණිස වැලිවේරිය ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අද (14) පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගූවට ගෙන ඇත.
ඇඹිලිපිටිය සහ සුරියවැව යන ප්‍රදේශන්හි සිට ගෙනැවිත් ඇති මෙම සියඹලා තොගයෙහි කුඩා කෘමීන් පවා සිටි බව වැටලීම මෙහෙයවු ගම්පහ විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
මෙහිදී ගබඩා බාරකරු අත් අඩංගූවට ගත් අතර බැඳුම්කර ඇප මත මුදාහළ බවත් සැකකරු හෙට දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව කළුතරආරච්චි මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd