( ප්‍රින්ස් රත්නායක )
සබරගමු පළාතේ මායිමත් ඌව පළාත ආරම්භක සීමාවත් ආසන්නව පිහිටි වැසීගිය පාසලක් වූ හල්පේ විද්‍යාලය ප්‍රතිසංස්කරණය කර ගුරු පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙම පුහුණු මධ්‍යස්ථානය විවෘත කරමින් එහි ප්‍රථම ආරම්භක රැස්වීම පසුගියදා පැවැත්විණී.
මෙලෙස පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට විශේෂ අරමුදලක් හෝ විශේෂ ප්‍රතිපාදන හෝ ලබා ගෙන නොමැති අතර, හුණුවල දෙමළ විද්‍යාලයේ අනවසර පතල් කැපීම සඳහා අයකරගත් දඩ මුදල් රුපියල් ලක්ෂ පහළොවක් මේ සඳහා යොදාගත් බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd