IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අක්මා බද්ධයට චාමික ඉන්දියාවට යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
              
දරුණු ලෙස අක්මා අකර්මණය විමටක ලක්ව සිටි නවගත්තේගම මහ අන්දරවැව සිව් හැවිරිදි චාමික හසිත හර්ෂණ දරුවාගේ අක්මා බද්ධය  සිදු කිරීම  සඳහා  ඔහුගේ මව් පියන් හා හය හැවිරිදි  සොහොයුරියද සමඟ අද ( 21) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත් විණි.

නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා ආබාධිත රණවිරුවකු වන එච්.එම් .යු .හේරත් මහතාගේ දරුවකු වන චාමික අක්මා රෝගයට ලක්ව සිටින බවට වෛද්‍යවරුන් සනාථ කිරිමේන් පසුව ඉන්දියාවේ ග්ලෝබල් පෞද්ගලික රෝහල වෙත රැගෙන යාමට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණද ඒ සදහා වැය වන රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැවැන්ත මුදල මෙම දෙමාපියන්ට සිහිනයක් ව තිබියදි  ‘ලංකාදිප එසැණ ‘ වෙබ් අඩවියේ පළ වු පුවතෙන් දරුවාගේ සැත්කමට අවශ්‍ය මුදල සොයා ගැනීමට හැකි විණි.

ඒ අනුව ජනවාරි මාසයේ 14 දින  මෙම දරුවන් පිළිබදව අනාවර්ණය කිරිමත් සමග රට තුළ හා විදේශීය සිටින ශ්‍රී ලාංකිකයින් රුපියල් ලක්ෂ 100 ක මුදල මාස දෙකක් තුළදි ලබා දි තිබුණේ  සියලු දෙනාම මවිත කරමිනි.

මෙහිදි පළමුව චාමිකගේ අක්මා බද්ධය සිදුවන අතර එහිදි චාමිකට බද්ධ කිරිමට අක්මාව ලබා දිමට මව එකඟ වි තිබේ. ඉන් පසුව තවත් වසර කින් නැවත ජීනුලි ජීන්තරා දැරියගේ අක්මා බද්ධය සිදු කළ  යුතු නමුත් ඒ සදහාද තවත් ලක්ෂ 100 ක් සපයා ගැනිමට මෙම මව් පියන්ගේ දෙවන අභියෝගය වේ .

 



අදහස් (0)

අක්මා බද්ධයට චාමික ඉන්දියාවට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site