(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වූ ගුණේන්ද්‍ර මුනසිංහ සහ දෘශ්‍යාබාධිත නීතීඥ ගාමිණී බාලසූරිය යන මහත්වරු වෙනුවෙන් නිවාස පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 12 මිහිඳු මාවතේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සහ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ ඉල්ලීම පරිදි මෙම නිවාස පිරිනැමුණු අතර එහිදී අමාත්‍යවරයා විසින් අභාවප්‍රාප්ත මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුනසිංහ මහතාගේ බිරිඳට සහ දරු දෙදෙනාට සහ කොටුව අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු දෘශ්‍යාබාධිත නීතීඥ ගාමිණී බාලසූරිය මහතාට මොරටුව අඟුලාන ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් නව නිවසක හිමිකාරිත්වය සංකේතාත්මක ලෙස දෙනු ලැබීය.
මේ අවස්ථාවට නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යු.ආර්. ද සිල්වා සහ ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති රංග දිසානායක යන මහත්වරු ද අධිකරණ විනිසුරු සහ නීතීඥවරු රැසක් ද සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd