(මනෝප්‍රිය ගුණසේකර)
ගල්කිස්ස ප්‍රදේශයේ දී නිදියහනේ දීම සිය බිරිඳ හා දරු දෙදෙනා ගිනි තබා මරා දැමු විත්තිකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවේ දෙන ලද පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ එකක් යැයි තීරණය කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වෝයර් ඩයර් අතුරු සාක්කි විභාගයක් ආරම්භ කළේය.
අදාල පාපොච්චාරණය සටහන් කර ගත් මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය සාක්කි දෙමින් සිටින අතර තුර විත්තිකරු කළ පාපොච්චාරණය පැමිණිල්ලේ සාක්කියක් ලෙස ලකුණු කිරිමට සුදානම් වු අවස්ථාවේ දී විත්තිකරු කළ එම පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ එකක් නොවන බව පවසමින් එම පාපොච්චාරණය සාක්කියක් වශයෙන් බාර ගැනීමට විත්තියේ නීතිඥවරයා විරෝධතාවය දැක්වීම හේතුවෙන් අදාල වෝයර් ඩයර් අතුරු සාක්කි විභාගය පැවැත්වීමට විනිසුරුවරයා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd