(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා ඉවත් කරන්නැයි පවසමින් ප්‍රදේශවාසීහු රෝහල ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් අද ( 22) විරෝධතාවයක නිරත වුහ.
රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා රෝගීන්ට දැඩි ලෙස බැන වදින බවත්, රෝගීන් නිසි පරීක්ෂාවකින් තොරව ප්‍රතිකාර කටයුතු සිදු කරන බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ජනතාව විරෝධතා පවත්වමින් නඟන චෝදනා පිළිබඳව සිගිරිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය ප්‍රසන්න බස්නායක මහතාගෙන් විමසීමේදී වෛද්‍යවරයා පැවසුයේ තමන් වසර කිහිපයක සිට මෙම රෝහලේ සේවා කටයුතු සිදුකරන බවත් රෝගීන්ට ඉතාමත් හොඳින් ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත්ය.
එමෙන්ම රෝහලෙන් තමාට ඉවත්වන ලෙස ජනතාව නොව ආයතන ප්‍රධානියෙක් දැනුම් දෙන්නේ නම් ඉවත්ව යන බව ද සඳහන් කළේය. එමෙන්ම තමන්ගෙන් සායනවලදී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනාගේම සෞඛ්‍ය මට්ටම මේ වන විට හොඳ තත්ත්වයකට ගෙනැවිත් තිබෙන බවද සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි කරලා පරීක්ෂණයක් කරන්න ඉල්ලන්නේ නැතුව පාරට බහින එක හරිද ? කවුද මේවා කරවන්නේ ? ඇයි ? බැනපු මිනිස්සු පැමිණිලි කරන්න...
රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්හට වෛද්‍යවරු සහ අනිකුත් සාත්තු සේවකයින් ගොරවන ආකාරය මා දැක තිබෙනවා. කෙනෙක් රෝගීව, දුර්වල තත්වයෙන් රෝහලකට පැමිණි විට, මේ අය සිතාගෙන ඉන්නේ රෝගීන් ඔව්න්ගෙන් පුද්ගලික උපකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණියා යයි කියායි. මීට ප්‍රධාන හේතුව හැටියට මා දකින්නේ රෝහල් සේවකින්ගේ තිබෙන පුහු මානය සහ ඔවුන් නැතිවම බැරි සේවකයින් කොටසක් යයි සිතා සිටීමයි. මේ රෝහල් සේවකයින්ගේ වැටුප්, අනිකුත් දීමනා සහ සියලු රජයේ රෝහල් මහජන බදු මුදලින් නඩත්තු වන බව ඔවුන්ට දැන්විය යුතුයි.
ඕක ඉතින් ඔතන නෙමේ, ලංකාවේ කුමන රෝහලකින් නොමිලේ බෙහෙත් ගන්න ගියත්, තත්වය ඔහොම තමයි. මුදල් ගෙවලා කරන බෙහෙතක් කර ගන්න. එතකොට දොස්තරලා විතරක් නෙමේ, නර්ස්ලත් හොඳට සලකයි. ඔය දොස්තරලගේ මහලොකු සමාජවාදේ තියෙන්නේ කැම්පස් යන කාලේ මහපාරට විතරයි. අනික, ඕක ඉතින් මේ රටේ දොස්තරලගේ විතරක් තියන වරද්දකුත් නෙමේ, යම්කිසි තත්වයක්, තනතුරක් ලැබුනම, ඔලුව ඉදිමෙන එක, මේ රටේ මිනිස්සුන්ගේ ජානවල තිබෙන වැරද්දක්???