(කේ බුද්ධික කුමාරසිරි )
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් ලොරියක් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී සිදු වු අනතුරකින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි මීපේ පොලිසිය පවසයි
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සිට එහි භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය මත නතර වී තිබේ.
අනතුරුව එහි රියදුරු ලොරි රථයෙන් බැස ඇගළුම් ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකු ද සමඟ එක්ව ලොරි රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළද ඒ අවස්ථාවේ දී පැමිණි දුම්රියේ ලොරි රථය ගැටී ඇති බවද පොලිසිය පවසයි.
අනතුරත් සමඟ ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර රථයේ හිමිකරු පොලිසියට ඉදිරිපත් වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණිවැලි දුම්රිය මාර්ගය. ලංකවේ දුම්රිය මාර්ග වලින් ඉතාම සෝචනීය තත්වයක් තියෙන මාර්ගයක්. නිතරම පිලි පනිනවා, කොච්චි හැමදාම පරක්කුයි. දුම්රිය මැදිරි ඇතුලේ කිසිම පහසුකමක් නෑ. කොච්චර කිවත් මේ මාර්ගේ ගැන දුම්රිය බලධාරීන් මර නින්දේ.