(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
තම පියා සමඟ මාළු ඇල්ලිමට ගිය පාසල් සිසුවෙක් කැනියාන් ජල විදුලිබලාගාරය අසල වළක දියේ ගිලී මිය ගොස් ඇතැයි මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇ ත්තේ, මස්කෙළිය, හපුගස්තැන්න තේ වතුයායේ පදිංචිව සිටි, 13 වියැති විජයකුමාර් කලෛයිරාමා නැමති සීටන් දෙමළ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
මිය ගොස් ඇති පාසල් සිසුවා ඔහුගේ පියා වන ආර්.විජයකුමාර් සමග ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කැනියොන් ජල විදුලිබලාගාරය ආසන්නයේ අධි ආරක්ෂක කළාපයේ පිහිටි කැළණි ගඟේ “නුගේ වළ” නැමති ස්ථානයේ මාළු ඇල්ලීමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අතුරුදන්ව ඇති සිසුවාට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටින අතර ඔහුගේ පියා මාළු ඇල්ලීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇත.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd