දිවයින පුරා වැඩිහිටි සායන 12000 ක් මෙරට සිටින වැඩිහිටි ජනතාව වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12000ක් පැවැත්වීමට සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත. 11 July 2018
තංගල්ලේ ගුරු විරෝධතාවයක් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයාට පහරදීමට විරෝධය දක්වමින් හා අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින්ට අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රයේ පත්වීම් ලබා දීමට විරෝධය පා අද(11) දහවල් තංගල්ල නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි. 11 July 2018
කැබ් රිය ගසක හැපී යුවළක් රෝහලේ බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් එම මාර්ගයේ බලගොල්ල 27 වන කිලෝමීටර් කණුව ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට ධාවනයවී ඒ අසල වූ කොට්ට ගසක හැපිමෙන් වාහනයේ ගමන් ගත් තරුණ යුවළක් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 11 July 2018
වවුනියාවේ සුපිරි වෙළඳසැල් 3 ක් කොල්ලකයි වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 3 ක් කොල්ල කා සැකකරුවන් පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි. 11 July 2018
නිදන් හාරමින් සිටි 6 දෙනෙක් අත්අඩංගුවට හලාවත - ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන 6 දෙනෙකු අද (11) අලුයම හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 July 2018
ප්‍රදේශ කිහිපයකට ඇති වු තද සුළඟින් නිවාස රැසකට හානි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයට අයත් මීගොඩ කුරුදුවත්ත ග්‍රාම නිළධාරී වසමේ අද (11) අලුයම් කාළයේ ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවස 60 කට ආසන්න සංඛ්‍යාවකට දැඩි අලාභ හානි සිදුව ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාව පවසයි. 11 July 2018
මහ මඟදී ලක්ෂයක මුදලක් කොල්ල කාලා කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක තැම්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් 123,000 ක මුදලක් අතර මඟදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව මාදම්පේ පොලීසිය කියයි. 11 July 2018
අතුරුදන්වූ ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදේ මීට සති දෙකකට පමණ පෙර අතුරුදන් වූ බව කිය ධීවර යාත්‍රාව සහ ධීවරයන් හත් දෙනා මාලදිවයින් මුහුදේ සිටිය දී සොයා ගත් බව දීවර සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය. 10 July 2018
ලක්ෂ තුනක හෙරොයින් සමඟ දෙදෙනකු සැකපිට පානදුර ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින් මත්කුඩු පැකට් බෙදා හැරිමේ නිරත වූ බව කියන කන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු පැකට් පන්සිය විස්සක් සමඟ අත් අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි. 10 July 2018
ජාතික සංවිධාන සම්මේලනයේ කථිකාවක් මහජන පුස්තකාලයේදී රණවිරු දඩයම ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය යන මැයෙන් ජාතික සංවිධාන සම්මේලනය විසින් සංවිධානය කළ විද්වත් කථිකාව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී අද (10) පැවැත්විණි. 10 July 2018
නාන ළිඳකට වැටී අයෙක් මරුට මිනුවන්ගොඩ දෙමටගොල්ල ගාලේකඩේ ප්‍රදේශයේ දී නාන ළිඳකට වැටීමෙන් මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (10) හමු වු බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 10 July 2018
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ උද්ඝෝෂණයක විදුහලේ දැනට පවතින උග්‍ර ගුරු හිඟයට වහාම පිළියම් ලබා දෙන්නැයි ඉල්ලා තලවකැලේ සුමන ද්විතීක පාසලේ දෙමාපියන් පිරිසක් අද (10) විදුහල ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුහ. 10 July 2018
සංවර්ධනය වෙමින් තිබෙන රටවල පවුල් සැලසුම ගැන එක්සත් ජාතීන්ගේ උනන්දුව සංවර්ධනය වෙමින් තිබෙන රටවල මිලියන 214ක් කාන්තාවන්ට තවමත් සුරක්ෂිත හා කාර්යක්ෂම පවුල් සැලසුම් ක්‍රමවල අඩුවක් තිබෙන බවත් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සංවර්ධනය වෙමින් පවතින රටවල පවුල් සැලසුම්කරණය සඳහා උපකාර කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විධායක අධ්යක්ෂ ආචාර්ය නටාලියා කැනෙම් මහත්මිය පවසයි. 10 July 2018
මුලතිව් රැකියා විරහිත උපාධිධාරීහු වීදීබසිති ගතවූ වසර තුනක කාලය තුළදී මුලතිව් දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් 350 ක් පමණ සිටින බැවින් ඔවුන්ට රැකියා අවස්ථාවන් ලබා දෙන ලෙසට ඉල්ලා රැකියා විරහිත උපාධීධාරීහු විරෝධතාවක නිරත වූහ. 10 July 2018
බදු නොගෙවා මෝටර් රථය සඟවා සිටි අයෙක් අත්අඩංගුවට රුපියල් 45,000 ක මාසික කුලීය යටතේ බදු දෙන ලද රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා මෝටර් රථයක කුලීය නොගෙවා එම රථය සඟවා ගෙන සිටි පුද්ගලයකු තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 July 2018
අතුරුගිරිය ගුවන්පාළම මතදී යකඩ පැටවු ලොරියක් අනතුරක ගොඩගම - බොරැල්ල මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ග හරහා ඉදිකර ඇති අතුරුගිරිය පෝරේ ගුවන් පාලම මතදී යකඩ බට පැටවූ ලොරි රථයක් අනතුරට ලක් වීමෙන් අද (10) උදෑසන සිදු වූ අනතුරින් එම පාලමේ 10 July 2018
යුද සමයේ දේවස්ථානයකට එල්ල වු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකෙරේ යාපනය,නවාලි ශාන්ත පීටර් දේවස්ථානය වෙත යුද සමයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජිවිතක්ෂයට හා තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පිරිසක් සිහිකරමින් 23 වැනි සැමරුම් වැඩසටහනක් ඊයේ (9) රාත්‍රීයේ යාපනය නවාලි ශාන්ත පීටර් දේවස්ථානයේ දී පැවැත්විණි. 10 July 2018
විදුලිසැර වැදි පුද්ගලයෙක් මරුට ඌවපරණගම අඹගස්දෝව පේරවැල්ල ප්‍රදේශයේදී එළවලූ වගාවකට ඇද තිබූ විදුලි කම්බියක දැවටීමෙන් විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 10 July 2018
වාලම්පුරියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට අධික වටිනාකමකින් යුත් වාලම්පුරියක් යාපනයට රැගෙන යාමට සූදානම් කර තිබියදී කිලිනොච්චියේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 10 July 2018
අනතුරකට ලක්වූ මුව පැටවෙකුට ප්‍රතිකාර ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ කැලෑවක ආබාධයකට ලක්ව සිටියදී ගම්වැසියෙකුට හමුවූ බව කියන මුව පැටවකු ප්‍රතිකාර සඳහා අද (9) අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන ගිය බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය පැවසීය. 09 July 2018
අනුරාධපුර ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ් අනුරාධපුර වන්නියන්කුලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හතර දෙනා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය. 09 July 2018
ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කොළඹ සිට අරලගංවිල, සිරිපුර ප්‍රදේශයට කේරළ ගංජා ප්‍රවාහනය කර බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි බව කියන පුද්ගලයෝ දෙදෙනෙකුකේරළ ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 400 ක තොගයක් සමඟ අද (9) අරලගංවිල, සිරිපුර දී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 09 July 2018
බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණයක් තිස්සමහාරාම මහසෙන් පුර ජනතාවට පානීය ජලය නිසි අයුරින් ජලසම්පත් මණ්ඩලය මගින් ලබා නොදෙන බව පවසා ඔවුහු අද (09) තිස්සමහාරාම කතරගම මාර්ගය හරස් කර විරෝධතාවයක නිරත වුහ. 09 July 2018
වල් උෟරු මස් විකුණූ අයෙක් අත්අඩංගුවට වල් ඌරකු මරා ඌරු මස් ප්‍රදර්ශනය කරමින් මුදලට විකුණමින් සිටි පුද්ගලයකු කොට්ටව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 09 July 2018
පුද්ගල ඝාතනයකට වරදකරුවන් වු දෙන්නෙක්ට මරණ දඬුවම කඩුවකින් සහ පිහිවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයින් හත් දෙනෙකු ඇතුලු විත්තිකරුවන් නම දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මනුෂ්‍ය ඝාතනයට වරදකරුවන්වු 1සහ 8 විත්තිකරුවන්ට අද (09) මරණිය දණ්ඩනය නියම කළේය. 09 July 2018
කොල්ල කල්ලියක 6 ක් කිලිනොච්චියෙන් අල්ලයි කිලිනොච්චිය පොලිස් බලප්‍රදේශය තුළ ගෙවල් බිඳුම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක සාමාජිකයින් හයදෙනකු තියුණු ආයුධ සමඟන් කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 09 July 2018
වීරකැටියට වල් අලි තිදෙනෙක් කඩා වදිති වීරකැටිය බැදිගම බටහිර ප්‍රදේශයට වල් අලින් තිදෙනෙකු අද (9) අලුයම කඩාවැදීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති. 09 July 2018
කාසල්රී හි ඇළක හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (09) උදෑසන සොයා ගත් බව නොර්වුඩ් පොලිසිය කියයි. 09 July 2018
පුංචි ශ්‍රීපාද ගින්නෙන් අක්කර 150 ක් වැනසේ ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න නොනැවතී දෙවැනි දිනටත් අද (9) මේවන විටත් සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බවත් ,ගින්නෙන් අක්කර 100 ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි . 09 July 2018
සීගිරි කැටපත් පවුරේ ගීත ගායන කිරීමේ තරගාවලිය ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් ඒකරාශි කර සීගිරි කැටපත් පවුරේ ලියැවී ඇති ගීත හා කවි තනු නිර්මාණය කර වාදන භාණ්ඩ සහිතව ගායනා කිරීමේ තරගාවලියක් පුරාවිද්‍යා සතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව 07 දින පස්වරුවේ සීගිරියේදී පැවැත්විණි. 08 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026