බදු නොගෙවු අම්පාර වෙළඳසල් 16ක් වසා දැමේ අම්පාර නගර සභාව විසින් අම්පාර බස් නැවතුම්පොලේ බදු නොගෙවු වෙළෙඳසල් 16 ක් අද සීල් තබනු ලැබිය. 17 July 2018
ගිනිපෙට්ටි කම්හල්වල සේවක පිරිසක් මහනුවර උද්ඝෝෂණයක ගිනිපෙට්ටි කම්හල්වල සේවක පිරිසක් එක්ව අද (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් විරෝධතා උද්ඝෝෂණයක නියැලුණහ. 17 July 2018
‘උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රැකියා සඳහා නිසි වැඩපිළිවෙළක් තවම නෑ‘ මෙරට රාජ්‍ය සේවකයන් ලෙස සේවය කරන ලක්ෂයකට ආසන්න උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රැකියාව සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා එම සේවක සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ඇතැයි සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පැවසීය. 17 July 2018
බුද්ධි අංශයේ යැයි කියා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට බදුල්ලේ ,දුන්හිද දියඇල්ල නැරඹීමට පැමිණ පෙම් සුව විදිමින් සිටි බව කියන පාසල් නව යොවුන් වියේ පෙම්වතුන් දෙදෙනෙකු බියගන්වා තමන් පොලිසියේ බුද්ධි අංශයෙන් යැයි පවසා පෙම්වතුන් ළඟ තිබු රුපියල් 17 July 2018
බැනරයක් පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා ගලේවෙල ප්‍රා.ලේකම්ගෙන් පැමිණිල්ලක් ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක තාප්පයක එල්ලා තිබූ බැනරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදු කරන ලෙස ගලේවෙල ප්‍රාදේශිය ලේකම් එම් යු නිශාන්ත මහතා ගලේවෙල පොලිසියට අද ( 16) පැමිණිලි කර තිබේ. 17 July 2018
ගම්පෙරළිය ගම්මාන 14,000 ක්‍රියාත්මක කිරිමට අගමැතිගෙන් උපදෙස් ආරම්භයේ පටන්ම ජනතාවගේ උන්නදුවට සහ ප්‍රසාදයට ලක්ව තිබෙන ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාවේ ගම්මාන 14000 තුළම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. 17 July 2018
කවුඩුල්ල වනෝද්‍යානයේ ඌරකු මස් කළ අයෙක් අත්අඩංගුවට කවුඩුල්ල ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුල් වි වල් ඌරෙකු වෙඩි තබා ඝාතනය කර රැගෙන යමින් සිටි අයෙකු සහ යතුරු පැදි දෙකක් ඇතුඑ ඝාතනයට යොදාගත් උපකරණ රැසක් උද්‍යානය තුළදි අද (16) දින අත්අඩංගුවට ගත් බව කවුඩුල්ල ජාතික උද්‍යාන භාරකරු ප්‍රදිප් කුමාර හෙටිටිආරචිචි මහතා කියයි. 17 July 2018
කුඩු විකිණු අක්කා-මලෝ අත්අඩංගුවට මාරවිල මූදුකටුව ප්‍රදේශයේ දී කුඩු අලෙවියේ යෙදුණු එකකුස උපන් අක්කා මලෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස භාර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. 17 July 2018
ලක්ෂ 50 කට අධික කේරල ගංජා සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්නයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 36 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු සහ යාත්‍රාවක් උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 July 2018
තබ්බෝවේ ජලය කුඹුරු වලට මදී තබ්බෝව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු වලට ජලාශයේ පවතින ජලය ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දීලීප හෙට්ටිආරච්චි මහතා පවසයි. 16 July 2018
මියගිය තල් මසෙකුගේ සිරුරක් ආලංකුඩාව වෙරළ තීරයෙන් කල්පිටිය - ආලංකුඩාව වෙරළ තීරයට අද (16) අඩි 34ක් පමණ දිග තල් මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබූ අතර නරක්වී තිබූ තල් මසාගේ සිරුරේ පිට කොන්දේ විශාල තුවාලයක්ද තිබිණි. 16 July 2018
ගසක අත්තක් කඩා වැටී පාසල් සිසුවෙක් ඇතුළු 5ක් රෝහලේ අගුණුකොළපැලැස්ස බරවකුඹුක සමනලගම විද්‍යාලය අසල පිහිටි ඉඩමක තිබූ ගසක අත්තක් කඩා වැටීම නිසා එම පාසලේ සිසුවෙකු, ගුරුවරුන් දෙදෙනෙකු හා මව්පියන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අගුණුකොළපැලැස්ස පොලිසිය කියයි. 16 July 2018
අත්තනෝමතිකව ඉඩම් ලබා දුන්නැයි වැලිමඩ ප්‍රා.සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාරට බසිති වැලිමඩ ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු අද ( 16 ) වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ හේමපාල මුණිදාස මාවත අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. 16 July 2018
නඩු පිටපතක් ගන්න අධිකරණයට පැමිණි අයෙක් හදිසියේ මිය ගිහින් නඩු පිටපතක් ලබා ගැනීම සඳහා ගම්පහ අධිකරණයට පැමිණි 58 හැවිරිදි පුද්ගලයකු හදිසියේ අසනීප වීමෙන් මිය ගොස් තිබේ. 16 July 2018
රිලාගලයාය වැනසුවොත් මරාන්තික උපවාසයක් - ගැටමාන්න විහාරාධිපති හිමි අධිවේගය සඳහා කළු ගල් කැඩීමෙන් බෙලිඅත්ත රිලාගලයාය පාරිසරික පද්ධතියට වන හානිය සලකා බලා වහාම රිලාගලයාය කඳු පන්තිය බේරා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැටමාන්න රාජ මහා විහාරාධිපති හකුරුවෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ. 16 July 2018
‘සබරගමු පළාතේ වාරි පද්ධතිය සංවර්ධනයට නව ප්රඥප්තියක් ඕනෑ‘-දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු සබරගමු පළාත තුළ පිහිටි වාරිමාර්ග පද්ධති සංවර්ධනයට, නඩත්තුවට සහ යාවත්කාලීන කිරිම සඳහා පළාත් වාරිමාර්ග ප්රඥප්තියක් සැකසිය යුතු බව රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා අවධාරණය කරයි. 16 July 2018
අඟුරුවාතේටදී ප්‍රජා විශෝධක නිලධාරියෙක් ඝෘතනය කරලා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධක නිලධාරියෙක් අද (16) අගුරුවාතොට යාල හන්දියේ නිවාඩු නිකේතනයක් තුළ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 16 July 2018
බස් අනතුරින් තිදෙනෙක් රෝහලේ කොළඹ සිට මුලතිව් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීහු තිදෙනෙකු තුවාල ලබා ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. 16 July 2018
ගංජා ප්‍රවාහනය කළ බස් කොන්දොස්තර අත්අඩංගුවට දකුණු පළාතෙන් ගංජා කොළඹට ප්‍රවාහනය කළ මාතර-කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ගංජා පාර්සලයක්ද සමඟ කොළඹ නගරයේ සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) මොරටුවේදී අත්අඩංගුවට ගනු ලැබීය. 15 July 2018
හේන එළිපෙහෙළි කරන්න තැබූ ගින්නකින් රක්ෂිතයේ අක්කර 50 ක් ගිනි ගනී වව්නියාව,කුරුදුපිටිය රක්ෂිත සීමාවේ ඇතිවු ගින්නකින් අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. 15 July 2018
යුද සමයේ අතුරුදන්වුන් වෙනුවෙන් මුලතිව්හි විරෝධතාවක් යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හිදි ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට දින 500 ක් පිරුණද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති බව කියමින් එම වැසියන් මුලතිව්හිදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. 15 July 2018
මීදුමෙන් හැටන්-නුවරඑළි මාර්ගයේ ගමනා ගමනයට බාධා මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත. 15 July 2018
අ’පුර නගර සබේ මුදල් වංචා කළ 5 කගේ වැඩ තහනම් අනුරාධපුර මහනගර සභාවේ සිදුවී ඇති මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැටුප් අංශයේ සේවය කළ කාන්තාවක් ඇතුළු සුළු සේවකයන් පස් දෙනෙකුගේ සේවය අත්හිටවු බව නගරාධිපති එච්.පී.සෝමදාස මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 15 July 2018
මින්නේරිය පොලිස් කොස්තාපල්වරයෙක්ට මැර ප්‍රහාරයක් රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි මින්නේරිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ කොස්තාපල්වරයෙකුට ගිරිතලේ සරණසිරිගමදී කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී කපා කොටා තුවාල සිදුකර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 15 July 2018
වන්දනාවේ යන අයට දඩ මස් විකිණිමට ගිය අයෙක් අත්අඩංගුවට කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දඩ මස් ලබාදීම සඳහා දඩයමේ යමින් සිටි පුද්ගලයකු සෙල්ලකතරගම ගෝතමීගම සමෘර්ධිවැව අසලදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 July 2018
බොරලන්දේ ගෙවත්තක ජීව අත්බෝම්බයක් වැලිමඩ බොරලන්ද වංගියකුඹුර ඕලූගංතොට ප්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබී එස්.එස්.ජී.වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (15) උදෑසන සොයා ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි. 15 July 2018
නාය යාමෙන් හැටන්-මල්ලිඅප්පුව මාර්ගය අවහිරයි හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් - මල්ලි අප්පුව ප්‍රදේශයේ පස් කන්දක් නාය ගොස් මල්ලිඅප්පුව පටු මාර්ගය අවහිර වී තිබේ. 15 July 2018
අ’පුරේ සංචාරකයන්ගෙන් මුදල් වංචා කළ ආරක්ෂක නිලධාරියා ගැන පරික්ෂණ අනුරාධපුර පූජනීය ස්ථාන නැරඹිමට පැමිණෙන සංචාරකයන් සදහා පැරණි ටිකට් අළෙවි කර මුදල් වංචා කිරිමේ සිද්ධියකට අභයගිරිය ව්‍යාපෘති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු අත් අඩංගුවට ගැනිම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. 15 July 2018
පැරැණි නුග ගසක් කඩාවැටි නිවාස 5 කට හානි බදුල්ල උනුගොල්ල වත්තේ එලදථව කොටසේ කෝවිලක් අසල පිහිටි වසර 100 ක් පමණ පැරැණි නුග ගසක් අත්තක් අද (14) කඩාවැටි කම්කරු නිවාස 5 කට හානි සිදුව හා කාලි කෝවිලට හානි සිදුව තිබේ . 14 July 2018
ඉමදූව නිවසක් කඩා රන්භාණ්ඩ පැහැරගෙන නිවෙස් හිමි කාන්තාව තේ දළු කැඩිමට ගොස් සිටියදි ඉමදුව කොඹළ ප්‍රදේශයේ වසා දමා තිබු නිවසේ විදුරු ජනේලය කඩා නිවසට ඇතුල් වු අයකු රුපියල් 212400ක් වටිනා රන් භාණ්ඩ හා සොරකම් කරගෙන ගොස් ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි. 14 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026