(බදුල්ලේ පාලිත ආරියවංශ)
බදුල්ල උනුගොල්ල වත්තේ එලදථව කොටසේ කෝවිලක් අසල පිහිටි වසර 100 ක් පමණ පැරැණි නුග ගසක් අත්තක් අද (14) කඩාවැටි කම්කරු නිවාස 5 කට හානි සිදුව හා කාලි කෝවිලට හානි සිදුව තිබේ .
තවත් අත්තක් පුපුරා කඩාවැටිමට ආසන්න බැවින් තවත් කමිකරු නිවාස 2ක් නිවැසියන් ඉවත් කළ බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඊ එල්.එම්. උදය කුමාර මහතා පැවසීය.
ඊයේ සවස මෙම ගස පුපුරා තිබෙනු දැකීමෙන් පසු නිවැසියන් ඉවත් කළ නිසා විනාශ වූ නිවාස වල ජීවත්වූ අයට හානියක් සිදුව නැත.
වාහන හා ජනතාව ගමන්කරන තබදුල්ල එල දථව මාර්ගය ආසන්නයේම මෙම ගස පිහිටා ඇති තර පුපුරාරගිය අතු කපා ඉවත් නොකලහොත් මහා විනාශයක් වීමට ඉඩ ඇතැයි ජනතාව පෙන්වාදෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd