IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රැකියා සඳහා නිසි වැඩපිළිවෙළක් තවම නෑ‘

(කාංචන කුමාර ආරියදාස)


 මෙරට  රාජ්‍ය සේවකයන් ලෙස සේවය කරන ලක්ෂයකට ආසන්න  උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ  රැකියාව සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා එම සේවක සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි  ඇතැයි සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පැවසීය.


එහිදී සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ සංවර්ධන නිලධාරීන් ලෙස ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට සේවයේ යෙදී සිටින බවය. 


කාලයක සිට මෙම සේවාව ආරම්භ කර තිබුණද 2012  වසරේ 50000 ක අධික පිරිසක් බඳවා ගැනීමත් සමඟ ආරම්භයක් වූ බවය.


මෙම නිලධාරීන්ට පවතින ගැටලු ප්‍රශ්න පිළිබඳව වසර ගණනාවක් තිස්සේ බලධාරීන් සමග සාකච්ඡා කළ ද මෙතෙක් විසඳුම් නොමැති බව ද හෙතෙම පැවසීය.


‘ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සංගමයේ භාණ්ඩාගාරික බි .ඒ .පි . බස්නායක මහතා කියාසිටියේ සංවර්ධන නිලධාරීන්ගේ සේවාවට  කණ කොකා හඬ ඇති බවයි. ඔහු වැඩිදුරටත් හෙළිදරව් කරමින් කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහනගර සභා මන්ත්‍රීවරුන්ගෙන් දැඩි පීඩනයක් ආර්ථික සංවර්ධන නිලධාරීන්ට එල්ල වී තිබෙන බවයි.

මෙම පීඩනය පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා ගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙස හෙතෙම ඉල්ලීමක් කළේය.

එසේ නොවන්නේ නම් ඉදිරියේදී පළාත් පාලන ආයතන වල මන්ත්‍රී වරුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සිද්ධ වෙන බව ද හෙතෙම සඳහන් කළේය. 



අදහස් (0)

‘උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රැකියා සඳහා නිසි වැඩපිළිවෙළක් තවම නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site