(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාත තුළ පිහිටි වාරිමාර්ග පද්ධති සංවර්ධනයට, නඩත්තුවට සහ යාවත්කාලීන කිරිම සඳහා පළාත් වාරිමාර්ග ප‍්‍රඥප්තියක් සැකසිය යුතු බව රත්නපුර දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා අවධාරණය කරයි.
රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී පසුගියදා ඔහු මේ බව අනාවරණය කළේය. සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ ඇති කුඹුරු අස්වැද්දීම සඳහා එය විශාල පිටිවහලක් වනු ඇති බව ද ඉංජිනේරුවරයා පැවසුවේය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි වාරිමාර්ග අතරින් කොටසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ තවත් කොටසක් ගොවිජනසේවා දෙපාර්තමේන්තුවට අයත් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. නමුත් මේ ආයතන දෙකටම අයත් නොවන සුලූ වාර්මාර්ග ද ඇති බව ඉංජිනේරුවරයා කීවේය.
පළාත් වාරිමාර්ග ප‍්‍රඥප්තියක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමේ දී පළාතේ සියලූම වාරිමාර්ග සම්බන්‍ධයෙන් සංවර්ධන තීරණ ගැනීමේ දී එය පිටිවහලක් වනු ඇති බව ද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැහැදිළි කළේය.
රත්නපුර සහකාර මහ දිසාපතිනි බී.එච්.එස්. ධනවර්ධන මහත්මියගේ සහ රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සරත් චන්ද්‍රසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවත්විණි.
රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා මෙහිදී පැවසුවේ මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුඹුරු සම්බන්‍ධයෙන් සංගණනයක් පවත්වා තොරතුරු ලබාගෙන ඇතිබවයි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගොවිජන සේවාවසම් තිහ තුල මෙවර යල් කන්නයේ දී වගා නොකරන කුඹුරු ඉඩම් ද හඳුනාගෙන ඇතිබවත්, ගංවතුර තර්ජනය යල් කන්නයේ බොහෝ කුඹුරු වගා නොකිරිමට හේතුවක් බවද රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සරත් චන්ද්‍රසිරි පෙන්වා දුන්නේ ය
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සබරගමු පළාතේ වාරි පද්ධතිය සංවර්ධනයට නව ප්‍රඥප්තියක් ඕනෑ‘-දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු