එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ආධාර මුදල් දීමේ තරගයක් ආරම්භ කරයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ‘සර්වෝදය’ හා එක්ව ‘කුඩා හා ප්‍රබල’ නමින් ආධාර මුදල් දීමේ තරගයක් ආරම්භ කර ඇත. 19 July 2018
කොස් ගසක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි දිඹුල -පතන පොලිස් වසමට අයත් දිඹුල තේ වතුයායේ පහළ කොටසේ නිවාස දෙකක් මතට අද (19) විශාල කොස් ගසක් කඩා වැටීමෙන් එම නිවාස වලට බරපතල හානි සිදුව තිබේ. 19 July 2018
ඩොල්පින් මසුන් මස්කරමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට ඩොල්පින් මසුන් සිව්දෙනෙකු මස්කරමින් සිටි කරවල නිෂ්පාදකයා මීගමුව කොට්ටාස දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 July 2018
මාතලේ රෝහල අසළ වෙළෙදසල් ඉවත් කිරීමේදී කළබලයක් මාතලේ රෝහල අසළ පිහිටා ඇති වෙළදසැල් කිහිපයක් මාතලේ මහ නගර සභාවේ නිලධාරින් ඉවත් කිරිමට යෑමත් සමඟ එම ස්ථානයේදි දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති විය. 19 July 2018
ගිං ගඟේ ගිලී අයෙක් මරුට හිනිදුම කොහිලදෙණිය ප්‍රදේශයේදී ගිං ගගේ නෑමට ගොස් දියේ ගිලි අතුරුදන් වු අයකුගේ මළසිරුර සොයා ගත් බව හිනිදුම පොලිසිය පවසයි. 19 July 2018
කළුතරට නව කර්මාන්තපුරයක් තායිලන්තයෙන් තායිලන්තයේ මහා පරිමාණ ආයෝජන සමාගමක් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත පුරයක් ආර්ම්භ කිරීමට ඉදිරිපත්ව සිටියි. 19 July 2018
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට විකිණීමට සුදානම් කර තිබු විදෙස් රටක නිශ්පාධිත බෝර දොළහේ ගිණි අවියක් සමඟ සැකකරුවෙකු සෙල්ල කතරගම ඩෝසර් වැව අසලදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 19 July 2018
ඉලූප්පු වැව් රක්ෂිතයේ නිධන් හාරමින් සිටි 5 ක් අත්අඩංගුවට වවුනියාව නෙදුන්කර්ණි පට්ටිකුඩිරිප්පු ඉලූප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක නිධන් හාරමින් සිටි සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව නෙදුන්කර්ණි පොලිසිය කියයි. 19 July 2018
මීගහහේනේ නිදන් සෙවු සිව්දෙනක්ට ලක්ෂ 6 ක දඩ මහියංගණය, මීගහහේන පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුල් වී පුරා වස්තු සෙවීමේ අමුණින් කැණීම් සිදුකළ බවට චෝදනා ලැබු පිය පුතු දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරද පිළි ගැනීමෙන් පසු රුපියල් ලක්ෂ හයක දඩ නියම කිරිමට මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා අද (19) නියෝග කළේය. 19 July 2018
ගල්කටස් තුවක්කුවක් සමඟ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ තුවක්කුවක් සහ ඒ සඳහා යෙදිය හැකි බෝර 12 ජිව උණඩ දෙකක් ළඟ තබාගෙන සිටි 21 හැවිරිදි තරුණයකු අද අලුයම (19) උමන්දොල නාකියදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි. 19 July 2018
ලොරි-යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල තලකිරියාගමදී මාර්ගයේ එකම දිශාවට ධාවන එමින් තිබූ ලොරි රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 19 July 2018
කහත්තෙවල ගම්මානය ජී.පී.එස් පද්ධතියට ජී.පී.එස් තාක්ෂණය යොදා ගන්නා මෙරට ප්‍රථම කෘෂිකාර්මික ගම්මානය ලෙස හපුතලේ කහත්තෙවල ගම්මානය භූගෝලීය තොරතුරු පද්ධතියට (GPS) එක් කර ඇත. 18 July 2018
කල්පිටියේ ගොවීන්ට රජයෙන් දුන් සූර්ය පැනල සාර්ථක නෑ කල්පිටිය අර්ධද්වීපයේ වගාකරුවන්ට සියයට පනහ දායකත්වය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ වයඹ පළාත් සභාව එක්ව ලබා දි ඇති සූර්ය පැනල කට්ටල සියල්ලම සවිකළ දා සිට නිසි ප්‍රයෝජනක් ලබා ගැනීමට නොහැකිවීම නිසා අතහැර දමා ඇති බව ගොවීහු චෝදනා කරති . 18 July 2018
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පළාත් ලේකම්ට නියෝගයක් තම අනුදැනුමකින් තොරව පළාත් අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපවත්වන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ.පතිනාදන් මහතා වෙත නියෝග කර තිබේ. 18 July 2018
ගම්පහ රෝහලේ වෛද්‍යවරු උද්ඝෝෂණයක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අද (18) පැවති වෛද්‍යවරුන්ගේ වර්ජනය අතරතුර රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රෝහල් පරිශ්‍රය තුළදී උද්ඝෝෂණයක නිරතවුහ. 18 July 2018
මුලතිව් අතුරුදන් වූවන්ගේ සත්‍යග්‍රහයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක් යුද සමයේදී අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හි දී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් පිරුණද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති හෙයින් අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා අද (18) මුලතිව්හි දී උද්ඝෝෂණයක් පැවත්විණි. 18 July 2018
කිලිනොච්චියේ අතුරුදන් වූ පියාගේ සිරුර හමුවෙයි කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් කල්මඩු වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් අද (18) හමු වූ බව ධර්මපුරම් පොලීසිය පවසයි. 18 July 2018
අක්මීමණ ප්‍රා.සභාපතිට ඇප අක්මීමණ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි මයික්‍රෆෝනය දිමට ප්‍රමාදවිම නිසා අක්මිමණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයාට පහරදුන් බව කියන අක්මිමණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති සුගත් ආනන්ද මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ සියය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (18) නියෝග කළේය. 18 July 2018
සැප රියෙන් ගොස් පිංකැට කැඩු දෙදෙනෙක් දැලේ සුපිරි වාහනයකින් පැමිණ විහාරස්ථානවල සවිකර ඇති පිං කැට කඩා මුදල් සොරකම් කළ සංවිධානනාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු සුපිරි වාහනයක් සහ සොරාගන්නා ලද මාරුකාසි මලු පහක් සමඟ අද (18) බලන්ගොඩ නගරයේ දී අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 18 July 2018
බස්නාහිර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ හිඟයක් බස්නාහිර පළාත තුළ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ උග්‍ර හිඟයක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය අවධාරණය කරයි. 18 July 2018
මෝටර් රථ අනතුරින් සැමියා මරුට බිරිය රෝහලේ හයිලෙවල් මාර්ගයේ මීපේ ගලගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මාර්ග අසල ස්ථානගත කර තිබූ විශාල ජල නලයක ගැටීමෙන් අද (18) අලුයම සිදු වූ අනතුරකින් තුවාල ලැබූ එම මෝටර් රථයේ ගමන් ගත් ස්වාමියා හා බිරිඳ හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැමියා මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 18 July 2018
අම්පාර දිසාපතිගේ ස්ථාන මරුවට විරෝධය පා කළු පටි බැඳ සේවයට අම්පාර දිසාපතිවරයා ස්ථාන මාරු කිරිමට සුදානමක් පවතින අතර එයට විරෝධය පෑම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවකයින් කළු පටි බැද සේවය කරනු ලැබීය. අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට කළු කොඩි වලින් සරසා තිබිණි. 18 July 2018
රොසැල්ලේ දී වෑන් රියක් පාරෙන් ඉවතට කොළඹ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය කියයි. 18 July 2018
තෙල් මිල වැඩි කිරීමට විරෝධය පා ගාල්ලේදී උද්ඝෝෂණයක් තෙල් මිල වැඩි කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (17) ගාල්ල ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි. 17 July 2018
තෙල් මිළ පහත දමන ලෙස ඉල්ලා තංගල්ලේදී විරෝධතාවයක් වැඩිවූ තෙල් මිළ පහත දමන ලෙස ඉල්ලා අද (17) තංගල්ල නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි. 17 July 2018
ඉන්ධන මිල වැඩිකිරිමට විරෝධය පා අ’පුරේ උද්ඝෝෂණයක් ඉන්ධන මිල වැඩි කිරිමට විරෝධය පල කරමින් ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපරයක් අද (17) අනුරාධපුර නගරයේ වෙළඳ සංකිර්ණය ඉදිරිපිට පැවැත්විණි. 17 July 2018
නිල්ගල රක්ෂිතයේ ගින්නක් බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය අද (17) සවස ගිනිගැනිම නිසා අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් ඇත. 17 July 2018
අ‘පුර සමාජ රෝග පැතිරීම ඉහළ ගිහින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එඩ්ස් රෝගය ඇතුළු සමාජ රෝග පැතිර යාම 70% ඉහළ ගොස් ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 17 July 2018
බස්නාහිර පළාතේ මරණ වලින් සියයට 24 ක් මාර්ග අනතුරු බස්නාහිර පළාත තුළ සිදුවන මරණ වලින් 24% ක් මාර්ග රිය අනතුරු වලින් සිදුවන බව වාර්තා වේ 17 July 2018
බස්නාහිර වැසියන්ගේ ආකල්පමය වෙනසකට මුල පුරයි “බස්නාහිරෙන් පස් පව් දුරලමු” යන මැයෙන් පුද්ගලයා තුළ ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමේ මුලාරම්භක ව්‍යාපෘතියක් අද (17) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ප්‍රජා විශේෂඥ්‍ය වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ විය. 17 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026