IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ආධාර මුදල් දීමේ තරගයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ‘සර්වෝදය’ හා එක්ව ‘කුඩා හා ප්‍රබල’ නමින් ආධාර මුදල් දීමේ තරගයක් ආරම්භ කර ඇත. 
 

කුඩා සංවිධානවලට සහ යටිතල පහසුකම් නොමැති පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම්වලට ආධාර දීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙම තරගය සංවිධානය කරයි.
 
එක්සත් ජනපද රජය මේ සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය දක්වන අතර තරගය සිවිල් සමාජය සංවිධාන, බුද්ධි මණ්ඩල, අධ්‍යයන ආයතන හා පුද්ගලයන්ම මෙම තරගය විවෘත යැයි ද කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි. 
 
සිය ප්‍රජා හෝ සමාජ කොටස්වල තිබෙන අර්බුද ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් යෝජනා ව්‍යාපෘති ඉදිරිපත් කරමින් මෙම තරගයට ඉදිරිපත් විය හැකි බව එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි. 
 
ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැඩි දියුණු කරන, වගවීම වැඩි කරන සහ ආර්ථික දිරිගන්වන ව්‍යාපෘති යෝජනාවලට මෙහිදි ප්‍රමුඛත්වය දෙන බව ද තානාපති කාර්යාලය කියයි. 
 
ඉදිරිපත් වන යෝජනාවල පිරිවැය ඩොලර් 1,000 (ආසන්න වශයෙන් රුපියල් 160,---000ක්) සිට ඩොලර් 15,000 (ආසන්න වශයෙන් රුපියල් 24 ලක්ෂයක්) දක්වා විය හැකි යැයි ද අනුමත වන යෝජනාවලින් වැඩි කොටසක් ඩොලර් 5,000ක් (ආසන්න වශයෙන් රුපියල් 8 ලක්ෂයක්) වනු ඇතැයි ද තානාපති කාර්යාලය සඳහන් කරයි.
 
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ ද අයදුම්පත් යොමු කළ හැකි යැයි ද පළමු වටයේ අයදුම්පත් සමාලෝචනය කර ප්‍රදාන ලබාදීම අගෝස්තු 15 සිදු කරන බව ද තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරයි. 
ලබන වසරේ මාර්තු 31 දක්වා අඛණ්ඩව තරගය සඳහා යෝජනා ඉදිරිපත් කළ හැක. 
 
055



අදහස් (0)

එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ආධාර මුදල් දීමේ තරගයක් ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site