IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉලූප්පු වැව් රක්ෂිතයේ නිධන් හාරමින් සිටි 5 ක් අත්අඩංගුවට


 
සිතුම් චතුරංග
            
වවුනියාව නෙදුන්කර්ණි පට්ටිකුඩිරිප්පු ඉලූප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක නිධන් හාරමින් සිටි සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව නෙදුන්කර්ණි පොලිසිය කියයි.


රජ සමයේ රන් සහ වටිනා ද්‍රව්‍ය තැන්පත් කර  ඇති ගබඩාවක් බවට ඉලූප්පු වැව් රක්ෂිතයේ හඳුනාගත් ස්ථානයක් සැකකරුවන් විසින් කැණීම් සිදුකරමින් සිටි බවද පොලිසිය පවසයි.


රක්ෂිතය තුළ නිධන් හාරමින් සිටින සංවිධානාත්මක පිරිසක් පිළිබඳ නෙදුන්කර්ණි පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් විසින් නිධන් හෑරිම සඳහා උපයෝගී කරගත් දුම්මල , පූජාවට්ටි,පහන්, පළතුරු හා නිදන් හෑරීම සඳහා යොදා ගත් යකඩ ආයුධ තොගයක් ද පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.


නිධානය ගැනීම සඳහා කටයුතු කළ ප‍්‍රධාන කට්ටඩියා පමණක් සිංහල ජාතිකයකු වන අතර සෙසු පුද්ගලයින් ද්‍රවිඩ ජාතිකයින් බව පොලිසිය සඳහන් කළේය.


පොලිසිය පැවසූයේ රජ සමයේ අදාළ ස්ථානයේ ආරක්ෂිතව තැන්පත් කර තිබෙන රත‍්‍තරන් ගබඩාවක් සොයා මෙලෙස කැණීම් සිදුකළ බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව, නෙදුන්කර්ණි  ඕලූමඩු හා පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ත් 51 අතර වයසේ පසුවන්නෝ වෙති.
            



අදහස් (0)

ඉලූප්පු වැව් රක්ෂිතයේ නිධන් හාරමින් සිටි 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site