IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පළාත් ලේකම්ට නියෝගයක්

එෆ්.අස්ලම්
 
තම අනුදැනුමකින් තොරව පළාත් අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපවත්වන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ.පතිනාදන් මහතා වෙත නියෝග කර තිබේ.


උතුරු පළාත් හිටපු ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ඩෙනීස්වරන් මහතා තවදුරටත් ධූරයේ සිටින බවට අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති අතුරු තහනම් නියෝගයත් හේතුවෙන් මෙම නියෝගය සිදුකර ඇත.


තමන්ව ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව ඩෙනීස්වරන් මහතා  විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සම් විභාගයේදී මෙම අතුරු තහනම් නියෝගය ලබාදී තිබිණි. 


කෙසේ වෙතත් අධිකරණ නියෝගය පිළිගනිමින් නැවතත් පළාත් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා කටයුතු නොකිරීමත්  පළාත් අමාත්‍ය මණ්ඩලය රැස්කිරීම ගැටළුකාරී තත්වයක් බවට පත්ව ඇත.


මහ ඇමැතිවරයා විසින් පත්කර ගත් අමාත්‍ය මණ්ඩලය තවදුරටත් කටයුතු කිරිමෙන් ඩෙනීස්වරන් මහතාද අමාත්‍යවරයකු යැයි පිළිගෙන ඇති මොහොතක  පළාත් සභාවේ  අමාත්‍යවරුන් හය දෙනෙකුට සිටිය නොහැකි වීමත් මත පළාත් අමාත්‍ය මණ්ඩලය රැස්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පැතීමට පළාත් ප්‍රධාන ලේකම්වරයා පසුගියදා (12) කටයුතු කර ඇත.


ප්‍රධාන ලේකම්වරයා විසින් උපදෙස් පතමින් යොමුකර ඇති ලිපියට ඊයේ(17) පිළිතුරු ලිපියක් යවමින් ආණ්ඩුකාරවරයා පළාත් සභාවේ අමාත්‍යවරුන් හය දෙනෙකු සිටිය නොහැකි බවත්  අමාත්‍ය මණ්ඩලය වැඩිකිරීමේ කාරණයේ දී සිය අනුදැනුමෙන් තොරව කිසිවක් නොකරන ලෙසත් මෙහිදී නියෝග කර ඇත.



අදහස් (0)

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පළාත් ලේකම්ට නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site