(අනීෂා මානගේ)
වැඩිවූ තෙල් මිළ පහත දමන ලෙස ඉල්ලා අද (17) තංගල්ල නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතාවය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවෝ 200ක පමණ පිරිසක් සහභාගී වූහ.
වීරකැටිය මංසන්දිය අසල සිට විරෝධතා පාගමනින් පැමිණි විරෝධතාකරුවෝ තංගල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට පැයක පමණ කාලයක් විරෝධතා පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
මෙම විරෝධතාවය සඳහා හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පළාත් සභා මන්ත්‍රී සිසිර කුමාර වාහලතන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා සහ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තෙල් මිළ පහත දමන ලෙස ඉල්ලා තංගල්ලේදී විරෝධතාවයක්