(අනීෂා මානගේ)
වැඩිවූ තෙල් මිළ පහත දමන ලෙස ඉල්ලා අද (17) තංගල්ල නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතාවය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවෝ 200ක පමණ පිරිසක් සහභාගී වූහ.
වීරකැටිය මංසන්දිය අසල සිට විරෝධතා පාගමනින් පැමිණි විරෝධතාකරුවෝ තංගල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට පැයක පමණ කාලයක් විරෝධතා පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
මෙම විරෝධතාවය සඳහා හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පළාත් සභා මන්ත්‍රී සිසිර කුමාර වාහලතන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා සහ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd