වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිසාපතිවරයා ස්ථාන මාරු කිරිමට සුදානමක් පවතින අතර එයට විරෝධය පෑම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවකයින් කළු පටි බැද සේවය කරනු ලැබීය. අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට කළු කොඩි වලින් සරසා තිබිණි.
දේශපාලඥයින්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටු නොකිරීම නිසා දිසාපතිවරයා ඇතුළු අම්පාර නගරයේ රාජ්‍ය ආයතන කිපයකම ප්‍රධාන නිලයන් හොබවන පුද්ගලයින් ස්ථාන මාරු කිරීමේ සැලසුමක් ඇති බවද රාජ්‍ය සේවකයින් චෝදනා කරති.
ඊයේ මෙම කළු පටි බැදීමේ කාර්යය අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගේ එකමුතුව විසින් සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය සේවා පරිපාලන සේවා සංගමයේ අම්පාර ශාඛාවේ ලේකම් තිළිණ වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය.
අම්පාර දිසාපති ලෙස කටයුතු කරන තුසිත පි වනිගසිංහ මහතා අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය සේවකයින්ගේ හිත දිනාගෙන වැඩ කරන නිලධාරියෙක් ඒ වගේම පොදු ජන සේවාවලදි එතුමා සියලු ජන කොටස් සමඟ එක්ව කටයුතු කරා මෑත කාලයේදී අපට අහන්න ලැබුණා. දේශපාලන හේතු මත එතුමා ස්ථාන මාරු කිරිමට සුදානම් වෙන බව.
විශේෂයෙන්ම එතුමා ස්ථාන මාරු කිරිමට උපක්‍රමයක් භාවිතා කරනවා ස්ථාන මාරු කිරිමට පෙර එතුමා විසින්ම ස්ථාන මාරැවක් ඉල්ල ගෙන යන විදියට තමයි වැඩ කටයුතු සුදානම් කරන්න හදන්නේ එයින් පැහැදිලි කරන්න හදන්නේ මේ ස්ථාන මාරුව දේශපාලන ස්ථාන මාරුවක් නෙවෙයි දිසාපතිවරයා විසින් ස්ව කැමැත්තෙන් යන විදියට පෙන්වන්න හදනවා. ඒ උපක්‍රමය පිළිබඳව අපි සියලු තොරතුරු ලබාගෙන තියෙනවා.
අපි රජයේ පරිපාලන නිලධාරින්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා අපි මේ වෙන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවී ඔවුන් හරහා මැදිහත් වීමක් ලබා ගන්න අප උත්සහ කරා. ඒ උත්සහයන් සියල්ල සාර්ථකයි.
අපේ අරමුණ වන්නේ පුද්ගලයෙක් රැක ගැනීම නෙවෙයි. මෙතුමා ගියත් මෙම ස්ථානයට දිසාපතිවරයෙක් පැමිණෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් තමයි පැමිණෙන්නේ ඒ අයටත් මේ අකාරයට ගියොත් තම රාජකාරිය කරන්න බැරිවෙනවා. පරිපාලන සේවයේ මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේම ගෞරවය මෙවැනි දේවල් නිසා නැති වෙනවා ඒක නිසා අපි මේකට නිවැරදි විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව විවිධ විරෝධතා පවත්වන්න කටයුතු කරනවා.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අම්පාර දිසාපතිගේ ස්ථාන මරුවට විරෝධය පා කළු පටි බැඳ සේවයට