අම්පාරේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ උද්ඝෝෂණයක අම්පාර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අවිධිමත් ස්ථානමරු කිරීම වහාම නතර කරන ලෙස හා තවත් ඉල්ලීම් කිපයක් මුල් කරගෙන අද (25) අම්පාර රෝහල් මාවතේදී පවුල් සෞඛ්‍ය සේවිකාවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරතවුහ. 25 July 2018
දේවාලයේ පිං කැටය කැඩු අයෙක් මුදල් සමඟ අත්අඩංගුවට ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගය අයිනේ පාලම් පටාරු පාලම අසල පිහිටි පත්තිනි අම්මාන් කෝවිලේ අද (25) අලුයම පිංකැටය කඩා මුදල් සොරකම් කල තරුණයෙකු රුපියල් 16500 ක කාසි හා නෝට්ටු සමග අත්අඩංගුවට ගැනිමට තඹලගමුව පොලිසියට අනු යුක්ත මාර්ග බාධක පොලිස් නිලධාරිහු සමත්වුහ. 25 July 2018
බාල වයස්කාර දියණියට අතවර කළ කරණවෑමියා අත්අඩංගුවට තම සොහොයුරාගේ 15 හැවිරිදි දියණියට බලහත්කාරකම් කර ඇය ගැබ්ගන්වා වසරක් පමණ පොලීසියට කට්ටි පනිමින් සිටි 42 හැවිරිදි කරණවෑමියෙක් රන්මිණිතැන්නේදි ඉමදුව පොලිසිය සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. 25 July 2018
තලෙයිමන්නාරම් දුම්රියට වැදී තරුණයෙක් මරුට තලෙයි මන්නාරම හා කොළඹ දුම්රිය මාර්ගයේ මුරුන්ගන් පොලිස් වසමට අයත් ප්‍රදේශයක දී දුම්රියට වැදී මියගිය තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත් බව මුරුන්ගන් පොලීසිය පවසයි. 25 July 2018
යාපනයේ ජලනල පද්ධතියෙන් ඇටසැකිලි හමුවීම ගැන පරික්ෂණ ඇරඹේ යාපනය,කල්වියන්කාඩු ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කිරීමේදී පොළව යට තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද (25) සිට පරීක්ෂණ ආරම්භ කළ බව යාපනය පොලීසිය පවසයි. 25 July 2018
ගෙවල්වලට පැන භාණ්ඩ සොරා ගත් යුද හමුදා සෙබළා අත්අඩංගුවට යුද හමුදාවෙන් නිවාඩු ලබා පැමිණ ගෙවල්වලට පැන බඩු සොරකම් කළ යුද හමුදා සේවයේ නියුතු හෝමාගම ප්‍රදේශයේ ලියාපදිංචි අපරාධකරුවෙකු වූ සෙබළෙක් අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි. 25 July 2018
තහනම් දැල් ආම්පන්න යොදාගන්නවාට විරුද්ධව මුලතිව් ධීවරයෝ උද්ඝෝෂණයක මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් ධීවරයින් මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇති බව පවසමින් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අද (25) සිට තහනම් දැල් ආම්පන්න නැවත්වීමට ධීවර බලධාරීන් පියවර ගෙන ඇත. 25 July 2018
වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික නියාමකවරයෙක් මරුට සිවිල් ආරක්ෂක බළකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරයකු අද (25) අලුයම 3.00 පමණ වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 25 July 2018
කෝටි 70 කින් ජල පෙරහන් පද්ධති 438 ක් ජනතා අයිතියට වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ යටතේ රුපියල් ලක්ෂ හත්දහසක පමණ වියදමින් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 438 ක් මේ වනවිට ජනතා අයිතියට පත්කර ඇතැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි. 25 July 2018
ගාල්ලේ ජල සැපයුම යථා තත්ත්වයට ගාල්ල නගරයේ පානීය ජල සැපයුම් පද්ධතියේ මඩ මිශ්‍රිත ජලය පැමිණීම හේතුවෙන් හදිසියේම අත්හිටුවීමට සිදුවූ පානීය ජල සැපයුම අද රාත්‍රී 10.00 සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකිබව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල කලාප කළමනාකරු එම්.කේ.ලෙස්ටි මහතා පවසයි. 24 July 2018
සෙල්ලම්බඩු කඩයක ගින්න නිවයි කොළඹ කොටුව මැලිබන් වීදියේ මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ අද (24) පස්වරුවේ ඇති වූ ගින්කින් සෙල්ලම් බඩු කඩයකට අලාභ හානි සිදු විය. 24 July 2018
‘භූපති දුටුගැමුණු ජනපති මහින්ද’ කෘතිය එළිදකියි ආචාර්ය රාජා ධර්මපාල මහතා විසින් රචිත ’’භූපති දුටුගැමුණු ජනපති මහින්ද ’’ කෘතිය දොරට වැඩීමේ උත්සවය පැපිලියාන සුනේත්රාදේවී මහා පිරිවෙන් විහාරස්ථානයේ දී අද (24) සවස සිදුකැරිණි. 24 July 2018
වැසි ඉල්ලා 400ක් පාගමනින් උඩ මළුවට නියඟය හමාර කරමින් වැසි ලැබී ගොවි බිම් සශ්‍රීක කරන ලෙස ආයාචනය කරමින් නවගත්තේගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව ජයශ්‍රී මා බෝ සමිඳුන් වෙත දින තුනක විර්ය පාරමිතා පා ගමනක් ආරම්භ කළහ. 24 July 2018
සැමියා ඝාතනය කළැයි බිරිය-අනියම් සැමියා යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ, නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා ලබන 31 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් පී.එම් අමරසේන මහතා ඊයේ(24) නියෝග කළේය. 24 July 2018
ජාතික අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය ඇරඹේ කොළඹ මහා නගර සභාවේ මහජන පුස්තකාලීය සුභසාධක සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය හා සල්පිල කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹ මහජන පුස්තකාලීය පරිශ්‍රයේ දී විවෘත කෙරිණි. 24 July 2018
විදුලිසැර වැදීමෙන් අයෙක් මරුට ප්‍රධාන විදුලි සැපයුම් කම්බිවලට කොකු ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට තැත්කළ ඇටම්පිටිය මාලිගාතැන්න ගම්මානයේ පුද්ගලයෙකු අද (24) උදෑසන විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි ඌව පරණගම පොලීසිය පවසයි. 24 July 2018
මෝටර් රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ පානදුර-අලුබෝමුල්ල ප්‍රදේශයේ දී අද (24) අලුයම තරුණයන් තිදෙනෙකු ගමන් ගත් සුඛෝපබෝගී මොටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් බෝක්කුවක් තුළට වැටී අනතුරට ලක්ව ඇති බව පානදුර පොලිසිය කියයි. 24 July 2018
පිං කැට කැඩු සොරා අල්ලයි කහතුඩුව පොල්ගස්ඕවිට උන්දුරුගොඩ ශ්‍රී විජයනන්දරාම විහාරස්ථානයේ පිං කැට පහක් කඩා එහි මුදල් හා පිත්තල පහනක් සොරා ගත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 24 July 2018
මියගිය පුද්ගලයන්ට කසිප්පු දුන්නේ කවුරුන්දැයි සොයන්න නියෝග කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයින් රැසක් මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ගොනු කිරීමට මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි වැලිවේරිය පොලිසිය වාර්තාවක් මගින් අද (23) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාට දැනුම් දුන්නේය. 23 July 2018
කාන්තාවකට පහරදුන්නේයැයි යුක්රේන ජාතිකයකු සැකපිට අහංගම කුරුඳුවත්ත මැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවකට පහරදුන්නේයැයි සැකපිට යුක්රේන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 July 2018
කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට බෝලවත්ත අංගම්පිටිය කොච්චිකඩේ හා මීගමුව ප්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් සමඟ සොරාගත් රන්භාණ්ඩ හා ටැබ් ඇතුලු පරිගණකයක් අද (23) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 23 July 2018
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරයෙන් ලෝකඩ පදක්කමක් මහනුවර ධර්මරාජ විදුහලට ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වූ අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශක්ති සේනාරත්න ශිෂ්‍යයා සමත්විය. 23 July 2018
විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් රුපියල් 25,000ක මුදලකට අලෙවි කිරිමට ගිය පුද්ගලයෙක් අද (23) තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 July 2018
ත්‍රිරෝද රථ දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ ගිනිගත්හේන-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ඕළුවිල අසළදී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එම රථ දෙකේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 23 July 2018
දේශපාලන ස්ථාන මාරුවීම් වලට විරෝධය පා අම්පාරේ විරෝධයක් අම්පාර දිසාපතිවරයා සහ ප්‍රාදේශිය ලේකම්වරු කිහිප දෙනෙක් දේශපාලන අවශ්‍යතාවය මත ස්ථාන මාරු කිරිමට උත්සහා ගන්නා බව පවසමින් අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවකයෝ අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත වුහ. 23 July 2018
ඉඹුල්පේ - හල්දුම්මුල්ල ප්‍රා.ලේ කොට්ඨාසවල අලි පැන්නීමේ මෙහෙයුමක් ඉඹුල්පේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ ගම්මාන රැසක වගාවන්ට සහ ගම්වැසියන්ට හානි කරමින් ගම්වැද සිටින වනඅලි පැන්නීමේ මෙහෙයුමක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ ස්ථාන ගණනාවකින් පසුගියදා ආරම්භ කරනු ලැබීය. 23 July 2018
ඩෙටනේටරයක් පුපුරා සිසුවා රෝහලේ පාරේ තිබි අහුලාගත් ඩෙටනේටරයක් පරික්ෂා කිරිමට යාමේදි එය පිපිරි ඇල්පිටිය කුඩාගල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 23 July 2018
වයෝවෘද්ධ කාන්තාවක් සුසාන භුමියට ගෙනත් දාලා වයස අවුරුදු 70 ක් පමණ වන නාදුනන කාන්තාවක්ව කිසියම් අයෙකු විසින් මාදම්පේ - පනිරෙන්දාව පොදු සුසාන භූමියට ගෙනවිත් දමා තිබියදී ගම්වාසීන් විසින් දැක ඇයව මාදම්පේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. 23 July 2018
සිසුවියකට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට යාපනයේ පාසලක හත් වැනි වසර ඉගෙනුම ලැබු සිසුවියකට අතවර සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි. 23 July 2018
වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන්ගෙන් ගුණසැමරුමට ඉලන්චේලියන් එක්වෙයි යාපනය හිටපු මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ වර්ෂ පූර්ණ ගුණ සැමරීම ඊයේ (22) පැවැත්විණි. 23 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026