(ජී.ගමආරච්චි)
ගිනිගත්හේන-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ඕළුවිල අසළදී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එම රථ දෙකේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
අද (23) උදෑසන එම අනතුර සිදුවී ඇත්තේ අඹගමුවේ සිට ගිනිගත්හේන දෙසට හා කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථ දෙකක් ගැටීමෙනි.
එහිදී නාවලපිටියේ සිට කොළඹ දක්වා මගීන් තිදෙනෙක් රැගෙන ගොස් ආපසු නාවලපිටිය බලා ධාවනය වෙමින් ත්‍රිරෝද රථයේ රියදුරා හා අඹගමුවේ සිට ගිනිගත්හේන බලා ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයේ ගමන් ගත් මගින් දෙදෙනෙක් එසේ තුවාල ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd