රතන හිමියෝ ජනපති උපදේශක තනතුරෙන් ඉවත්වෙති එක්සත් ජාතික පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. 29 July 2018
වැලි ජාවාරම්කරුවෝ නාන්නේරිය ඔයත් වනසති නවගත්තේගම නාන්නේරිය ඔය වැලි ජාවාරම්කරුවන් කීප දෙනෙකු විසින් වනසමින් ඇති නමුත් නීතිය සුරකිය යුතු පිරිස් නින්දේ පසුවන බව ජනතාව චෝදනා කරති. 29 July 2018
හලාවත- කොළඹ බස් ප්‍රහාර 3 ගැන විමර්ශනයක් හලාවත හරහා ගමන් කරන පෞද්ගලික බස් රථ වලට අතර මගදී ප්රහාරයන් තුනක් ඊයේ (28) සවස එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 29 July 2018
වලස්මුල්ලේ සංදර්ශනයක් අවසානයේ පුද්ගලයන් 20 ක් අත්අඩංගුවට වලස්මුල්ල නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් පැවති අවස්ථාවේදී හා ඉන්පසුව කාලයේදී සිදුකළ විශේෂ පරික්ෂාවකදී අශෝබන අයුරින් හැසිරුණු, ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයින්, බිමත්ව රියපැදවූ අය හා අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි වූ පුද්ගලයින් විසිදෙනෙකු වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2018
අතුරුදන් වු තරුණයාගේ මළ සිරුර වැවකින් හමුවෙයි කිලිනොච්චිය ධර්මපුරම් සිරිකුලම් වැවේදී පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි. 29 July 2018
අරියාලෙයි යතුරුපැදියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට යාපනය,අරියාලෙයි,නෙලුක්කුලම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලීසිය පවසයි. 29 July 2018
ටිපර්-වෑන් ගැටුමෙන් දෙදෙනෙකු මරුට අම්පාර කල්මුනේ මාර්ගයේ වලතපිටිය ප්‍රදේශයේදි ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලබා තිබේ. 28 July 2018
වව්නියා - කොළඹ බස් රථයකට හලාවතදී ප්‍රහාරයක් වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 28 July 2018
ලුනුගම මීගහවත්ත ඉඩමක අත්බෝම්බයක් ලුණුගම, මීගහවත්ත කඩවතවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබූ විදේශ රටක නිෂ්පාදනය කළ ජීව අත්බෝම්බයක් පූගොඩ පොලිසිය විසින් සොයාගෙන ඇත. 28 July 2018
තරුණයෙක් රවටා ලක්ෂ දෙකක් රැගෙන පලා යයි දෙහිවල නගරයේ රාජ්‍ය බැංකුවක් තුළදී යාපනයේ පදිංචි තරුණයකු රවටා රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරා ගෙන පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සිසිටිවී දර්ශන ආධාරයෙන් පරික්ෂණ පවත්වන බව දෙහිවල පොලිසිය කියයි. 27 July 2018
අතුරුදන්වු වතු කම්කරුවගේ සිරුර කෙසෙල්ගමු ඔයෙන් හමු වෙයි දින තුනකට පෙර අතුරුදන්ව සිටි වතු කම්කරුවෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයේ තිබී හමු වු බව නොර්වුඩ් පොලිසිය කියයි. 27 July 2018
කුවේට් යුවළක් රේගු නිලධාරියකුට පහර දෙති සුරතල් සුනඛයකු රැගෙන මෙරට පැමිණි කුවේට් ජාතික තරුණ යුවළක් ගුවන්තොටුපළින් පිටතට එද්දී රේගු නිලධාරියකු සමඟ ඇති වු බහින් බස් වීමකින් දුරදිග යාමෙන් රේගු නිලධාරියාට පහර දී ඇති බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි. 27 July 2018
‘අපි නිරෝගී වෙමු‘ සෞඛ්‍ය පොත් ලක්ෂ තුනක් පාසල් අතරේ බෙදා දීමට යයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු කරවීම සඳහා උපදෙස් ඇතුළත් පොත් ලක්ෂ තුනක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ බෙදා හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි. 27 July 2018
භුගත විදුලි රැහැන් කැපු දෙදෙනෙක් අත්අඩංගුවට අහංගම කතලුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට විදුලිය ලබා ගැනීම සඳහා පොළව යටින් ඇද තිබු රුපියල් ලක්ෂ දෙකක් වටිනා භූගත තඹ විදුලි රැහැන් මීටර් දෙසියක් කපා සොරකම් කර ගෙන යෑම සම්බන්ධයෙන් එම හෝටලයේම සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 27 July 2018
නීතිවිරෝධී ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට මැදිරිගිරිය, මහතලාකොලවැව ප්‍රදේශයේ පිහිටි නිවෙසක තිබී ටී. 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ භාවිතා කළ හැකි මෙරට සාදන ලද (ගල්කටස් තුවක්කුවක්) ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (27) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 27 July 2018
කුඩු සමඟ දෙන්නෙක් අත්අඩංගුවට මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පුත්තලම පාලවිය ප්‍රදේශයට කුඩු ඇසුරුම් තොගක් ගුද මාර්ගයේ සඟවාගන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා විෂ මත්ද්‍රව්‍ය හා දුෂණ මර්ධන ඒකකය පවසයි. 27 July 2018
මුවෙකු මස් කළ වෙළඳසැල් හිමියෙක් අත්අඩංගුවට පුර පසලොස්වක පෝය දිනය වු අද (27) ගෝමරන්කඩවලදී මරණ ලද මුවෙකුගේ මස් පාර්සල් කර විකුණු වෙළඳසැල් හිමියකු මස් තොගයත් සමඟ අධි ශීතකරණයක් ද අත්අඩංගුවට ගැනීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරිහු සමත්වුහ. 27 July 2018
රන් මාල කොල්ලකෑ පුද්ගලයෙකු අල්ලයි අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකන පුද්ගලයෙකු අද (26) අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය පවසයි. 26 July 2018
පෙත්සම සලකා බැලීම අගොස්තු 1 දා මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණින් තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරු විසිතුන් දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 01 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය. 26 July 2018
ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයකු මරුට බලන්ගොඩ සමනලවත්ත මාර්ගයේ මස්සැන්න ප්‍රදේශයේදී අද (26) ත්‍රීරෝද රථයක් පෙරලීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 26 July 2018
ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව උප සභාපති ලෙස පත්වීම් ලැබූ තිසර ගුණසිංහ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම කොළඹ 05 , නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද සිදු කෙරිණ. 26 July 2018
’’ටොයොටා සිහින කාරය ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් ලංකාවට විශිෂ්ඨ ජයක් ’’ටොයොටා සිහින කාරය ජාත්‍යන්තර චිත්‍ර තරඟය - 2018’’ අවසන් තරඟකරුවන් 10 දෙනා අතරට ගාල්ල මහින්ද විද්‍යාලයේ වයි.එල්.මලිඳු මිහිසර ප්රදීනාත් සිසුවා තේරී සිටියි. 26 July 2018
නාඳුනන පුද්ගල මළ සිරුරක් පොළොන්නරුවේ ඇළක පොලොන්නරුව, නවනගරය, අක්කර 500, වීර පෙදෙස ප්‍රදේශයේ පිහිටි වාරි ඇළක තිබී නාඳුනන පුද්ගල පිරිමි මළ සිරුරක් අද (26) පෙරවරුවේ හමුවී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 26 July 2018
ගල්කන්දේ කුඩු දෝණි අත්අඩංගුවට මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකම ඉතා සංවිධානාත්මකව හෙරොයින් මත්කුඩු විකිණීමේ නිරතව සිටි ගල්කන්දේ කුඩු දෝණි නැමති කාන්තාව සහ ඇය සමඟ සිටි පිරිමි අයෙකු හොරෝයින් මිලිග්‍රෑම් 4800ක් සමඟ නිල්පනාගොඩ ප්‍රදේශයේ ලැගුම්හළක දී අද (26) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 July 2018
වයඹ පළාතේ පාසල් සිසුන්ගේ පැමිණිම පහතට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ අධ්‍යාපන ක්ෂේත්රයේ සියලූ පද්ධතීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමුව ද වයඹ පළාතේ පාසල්වල කාර්යාලවල ගුරුභවතුන් කාර්යාල නිළධාරීන් පැමිණියත් පාසල් සිසු දරුවන්ගේ පැමිණීම 90% පමණ පහත වැටී ඇති බව එම පාසල් ප්‍රධානින් පවසයි. 26 July 2018
හිඟුරානේ අනතුරකින් පොලිස් සැරයන් මරුට හිඟුරාන දමන මාර්ගයේ පැරණිගම ප්‍රදේශයේදී අද (25) සිදුවූරිය අනතුරකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දමන පොලිසිය කියයි. 25 July 2018
තේ දළු ගෝනි වල බර වැඩි කරන්න දළු ගෝනි ජලයේ දමලා බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ගෙන් අමු තේ දළු මිළදී ගන්නා වෙළෙන්දන් අමු තේ දළු ගෝනි ජලයේ දමා කර්මාන්ත ශාලා වලට සැපයීමෙන් තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමේ අවදානමක් පවතින බව තේ කර්මාන්ත ශාලා නිලධාරීහු පවසති. 25 July 2018
චෝදනා 3කට ලක්ෂ එක හමාරක් දඩ ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සහ ව්‍යාජ වීසා සහිත ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා තුනට වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (25) නියම කළාය. 25 July 2018
වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා ගම්වැසියෝ නාමල්ගම පාර හරස් කරති වන අලියෙක් පහර දී සිවිල් ආරක්ෂක නිලධාරියකු මිය යාමත් සමඟ වැලිකන්ද නාමල්ගම ගම්වාසීහු අද (25) සවස පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම ප්‍රදේශයෙන් අවහිර කර වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුහ. 25 July 2018
ගම්පහ මහබෝක්කුව අසළ මළසිරුරක් ගම්පහ නැදගමුව මහ බෝක්කුව අසල ඇල මාර්ගයේ තිබී ඝාතනය කරන ලදැයි සැකකරන තරුණ පුද්ගලයකුගේ මල සිරුරක් අද (25) ගම්පහ පොලිසියේ සහ ගම්වාසීන්ගේ දැනුම් දීමෙන් සොයා ගෙන තිබේ. 25 July 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026