IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හලාවත- කොළඹ බස් ප්‍රහාර 3 ගැන විමර්ශනයක්


 
 
ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
 
හලාවත හරහා ගමන් කරන පෞද්ගලික බස් රථ වලට අතර මගදී ප්‍රහාරයන් තුනක් ඊයේ (28) සවස එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.


හලාවත - කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. 27 වැනිදා පෙරවරුවේ ආරම්භ කරන ලද මෙම වර්ජනය 29 වැනිදා පෙරවරු වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණි.


26 වැනිදා සවස කොළඹ සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ රියදුරෙකුට කොළඹ - පංචිකාවත්ත ප්‍රදේශයේ දී කිසියම් අයෙකු විසින් පහර දී ඇත. පහර කෑමට ලක්වී ඇති හලාවත - කරවිටාගාරය පදිංචි චන්දන සමන් කුමාර යන අය මේ වන විට හලාවත මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.


මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් හලාවත - කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනය ආරම්භ කර තිබිණි.


වර්ජනය අතරතුර හලාවත හරහා ගමන් කරන දුර ගමන් සේවා බස් රථවලට කිසියම් පිරිසක් විසින් පහර දීමට පටන් ගෙන ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිලිවල සඳහන් වේ.


ඊයේ 28 වැනි දා දහවල් හලාවත - කොළඹ මාර්ගයේ සේමාඉරිප්පුව ප්‍රදේශයේ දී වවුනියාවේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත. ජීප් රථයකින් පැමිණි පිරිස බස් රථයේ කොන්දොස්තරවරයාට අතින් පයින් පහර දී ඔහු අත තිබූ මගී ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍රය ද පොළවේ ගසා හානි කර පලා ගොස් ඇත.


මෙම ප්‍රහාරයන් සියල්ල එකම කණ්ඩායමක් විසින් සිදු කරන බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. පහර දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.


මේ සම්බන්ධයෙන් හලාවත සහ මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


 



අදහස් (0)

හලාවත- කොළඹ බස් ප්‍රහාර 3 ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site